මෙරට සංචාරක පැමිණීම 650,000 ආසන්නයට

    March, 19, 2026

    2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 649,228ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    එහිදී 2026 මාර්තු 01 සිට 15 දක්වා කාලපරිච්ඡේදය තුළ දී සංචාරකයින් 92,573ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඔවුන් සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් අනාවරණය කරයි.

    කෙසේ වෙතත් 2026 වසරේ පලමු මාස දෙක තුළ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන ලද සංචාරක කර්මාන්තයේ යම් පසුබැස්මක් මේ වන විටත් දක්නට ලැබේ.

    මැදපෙරදිග යුධමය වාතාවරණය හමුවේ ගුවන් අවකාශ වසා දැමීම හේතු කොට ගෙන ගුවන් යානා ගමනාගමනය අඩාල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පිබිදෙමින් තිබූ සංචාරක කර්මාන්තයට මෙලෙස බාධා එල්ල වෙමින් පවතී.