IMF නියෝජිතයින් පිරිසක් මාර්තු 26 වැනිදා මෙරටට

    March, 20, 2026

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මාර්තු 26 වැනිදා සිට අප්‍රේල් 9 වනදා දක්වා මෙරට සංචාරයක නිරත වන බවට වාර්තා වෙයි.

    ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5වන හා 6වන සමාලෝචන සම්පූර්ණ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.