March, 20, 2026
ශ්‍රී ලංකාවේ තීන්ත ආලේපන ක්ෂේත්රයේ ප්‍රමුඛයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ (Asian Paints Causeway) සමාගම සිය SmartCare ‘AquaSafe’ නිෂ්පාදනය වෙනුවෙන් දියත් කළ සුවිශේෂී අලෙවි ප්‍රචාරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන්" මෙරට අලෙවිකරණ ක්ෂේත්රයේ ඉහළම සම්මාන උළෙලක් ‘Effie Awards 2025’ සම්මාන ප්රදානෝතසවයේදී අදාළ නිෂ්පාදන කාණ්ඩයට හිමි වූ ඉහළම Effie සම්මානයෙන් පිදුම් ලැබීය. “වැස්සත් මට්ටුයි" ගෙදරත් දිස්නෙයි” යන තේමාව ඔස්සේ දියත් කෙරුණු මෙම අලෙවි ප්‍රචාරණ ව්‍යාපෘතිය" එහි නිර්මාණාත්මක විශිෂ්ටත්වය සහ Waterproofing (ජලරෝධක) ආලේපන වෙළඳපොළ තුළ එය අත්පත් කරගත් දැවැන්ත සාර්ථකත්වය යන කරුණු මත පදනම්ව මෙලෙස ඇගයීමට පාත්‍ර වීමට විය.
Effie Awards 2025 සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ක් ඉම්පීරියල්හිදී පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ඇගයුමට ලක්කළ රජත සම්මානය එහිදී පිරිනමනු ලැබිණි. අලෙවිකරණ සන්නිවේනයේ සඵලතාවය මැන බැලීමේ ස්වර්ණමය ජාත්‍යන්තර ප්‍රමිතිය ලෙස සැලකෙන Effie සම්මාන ප්රදානය හරහා වෙළඳපොළ තුළ ප්‍රායෝගික සැබෑ වෙනසක් සිදුකළ නිර්මාණාත්මක ප්‍රචාරණ ව්‍යාපෘති පමණක් ඇගයුමට ලක් කෙරෙන අතර පිළිගත් ජාත්‍යන්තර ක්‍රියාවලියක් අනුගමනය කරන ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදු කරනු ලබයි. එම නිසා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ලැබූ මෙම ජයග්‍රහණය ඉතා සුවිශේෂී වන අතර එය, පාරිභෝගික රුචිකත්වය හඳුනාගැනීමට සහ නවෝත්පාදනයට මෙන්ම සාර්ථක අලෙවි සන්නිවේදනයටද සමාගම සතු හැකියාව මැනවින් පිළිබිඹු කරයි.
ප්‍රචාරණ ව්‍යාපෘතිය ශ්‍රී ලාංකේය නිවෙස් හිමියන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන තෙතමනය සහ බිත්තිවලට සිදුවන ව්‍යුහාත්මක හානි (Structural moisture damage) සඳහා සාර්ථක විසඳුමක් වශයෙන් 'AquaSafe’ නිෂ්පාදනය පාරිභෝගික මනස තුළ සාර්ථකව ස්ථානගත කළ ව්‍යාපෘතියකි. සාම්ප්‍රදායිකව Waterproofing විසඳුම් නිවසේ අලංකාරයට බාධා පමුණුවන තාක්ෂණික අවශ්‍යතාවක් ලෙස පමණක් සැලකුණද" මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය හරහා එම මතය වෙනස් කිරීමටත් 'AquaSafe’ යනු නිවසේ බාහිර අලංකාරයට කිසිදු හානියක් නැතිව, ඇදෙනසුලු බව දෙගුණයකින් (2 x superior elongation) වැඩි කරමින් ඇල්ගී සහ දිලීර වලට එරෙහිව උපරිම ආරක්ෂාව සපයන ප්රමුඛ පෙළේ නිමවුමක් ලෙස සාර්ථකව ස්ථානගත කිරීමට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමට හැකි වී ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී වයිතිලිංගම් කිරිතරන් මහතා මෙසේ පැවසීය, “අපගේ සෑම නවෝත්පාදනයක්ම පදනම් වන්නේ පාරිභෝගිකයා පිළිබඳව අප සතු ගැඹුරු අවබෝධය මතයි. ශ්‍රී ලාංකේය නිවෙස්වලටම ආවේණික වූ අවශ්‍යතා හඳුනාගනිමින් ඒ සඳහා හොඳින්ම ගැලපෙන විසඳුම් ලබා දීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා. මෙම අලෙවිකරණ සාර්ථකත්වය පිටුපස ඇත්තේ හුදෙක් තාක්ෂණික කරුණු ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගොස් පාරිභෝගිකයාගේ අපේක්ෂාවන් සහ ඔවුන් සිතන ආකාරය තේරුම් ගැනීමට අපට තිබෙන හැකියාවයි. නිවසට අවශ්‍ය උපරිම ආරක්ෂාව මෙන්ම අලංකාරය පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තුව නිවැරදිව හඳුනාගැනීම නිසාම අපට පාරිභෝගිකයාට දැනෙන සාර්ථක සන්නිවේදනයක් සිදු කිරීමට වුණා”.
අලෙවිකරණ උපායමාර්ගය පිළිබඳව අදහස් දක්වමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ අලෙවි ප්‍රධානී අනුරාධ එදිරිසිංහ මහතා මෙසේ පැවසීය" —AquaSafe අලෙවි ප්‍රචාරණ ව්‍යාපෘතිය හරහා තාක්ෂණික වශයෙන් සංකීර්ණ නිෂ්පාදනයක ප්‍රායෝගික විශිෂ්ටත්වය පාරිභෝගිකයාට සමීප, සරල සහ ආකර්ෂණීය පොරොන්දුවක් බවට පරිවර්තනය කිරීමට අපට හැකි වුණා. මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ එය දත්ත මත පදනම් වූ අලෙවිකරණ ප්‍රවේශයක සහ නිර්මාණාත්මක කතන්දර කලාවක සුසංයෝගයක් වීමයි. මෙම Effie සම්මානය මඟින් නැවතත් තහවුරු කළේ අපි මෙම ව්‍යාපෘතිය හරහා වෙළඳපොළ ස්ථාවරත්වය සහ විකිණුම් වර්ධනය අතින් අප අත්පත් කරගත් සාර්ථකත්වයයි.”
රූපවාහිනිය" ඩිජිටල් මාධ්‍ය සහ ප්‍රජා මට්ටමේ ක්‍රියාකාරකම් ඔස්සේ දියත් කෙරුණු මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය හරහා 'AquaSafe’ හි පවතින 'Rain Guard’ තාක්ෂණය සහ බාර් 3ක ජල පීඩනයකට ඔරොත්තු දෙමින් බිත්තිවල දීප්තිය ආරක්ෂා කර දීමේ හැකියාව මැනවින් ප්‍රදර්ශනය කෙරිණි. මෙම ජයග්‍රහණයට පෙර ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනය (SLIA) මඟින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන උළෙලේදී 'AquaSafe’ විශිෂ්ටතම නිෂ්පාදනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර එය ක්ෂේත්රයේ වෘත්තිකයන් මෙන්ම පාරිභෝගිකයින් අතරද මෙම 'AquaSafe’ කෙරෙහි පවතින ඉහළ පිළිගැනීම තහවුරු කරන්නකි.
ජාත්‍යන්තර ඒෂියන් පේන්ට්ස් සමූහයේ සාමාජිකයෙකු ලෙස, නවීන ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා කල්පැවැත්ම සහ අලංකාරය එක් කරන තිරසාර සහ නවෝත්පාදන ආලේපන විසඳුම් හඳුන්වා දීමට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ඉදිරියටත් අඛණ්ඩවම කැපවී සිටී.

Video Story