පෙබරවාරි මාසයේ ජාතික උද්ධමනය පහළට

    March, 23, 2026

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.6% ක් දක්වා පහළ ගොස් ඇත.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

    2026 ජනවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූයේ 2.4% ක් ලෙසයි.

    ජනවාරි මාසයේ දී 3.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ දී 1.1% ක් දක්වා අඩු වී ඇති අතර ජනවාරි මාසයේ දී 1.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ දී 1.9% ක් දක්වා වැඩි වී ඇත.