March, 23, 2026
2026 මාර්තු මාසයේ සිව්වන සතිය සඳහා අද (23) දින ගනුදෙනු සඳහා විවෘත වූ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා විය. එහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය 1.33%කින් හා S&P SL20 දර්ශකය ඒකක 1.14%කින් පහළ යන ලදී.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 274.76කින් පහළ ගොස් ඒකක 20,364.97ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 65.37කින් පහළ ගොස් ඒකක 5,686.82ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා විය.
මේ අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද දිනයේ දී ගනුදෙනු පිරිවැටුම ද පහළ මට්ටමක පැවති අතර රු. බිලියන 2.37ක් ලෙසින් එය වාර්තා වුණි.
Video Story