ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Medicare 2026 ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස ඉදිරිපත් වෙමින් ජාතික සෞඛ්‍ය ආරක්ෂණය ශක්තිමත් කරයි

    March, 23, 2026

    ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පහසුවෙන් ලබාගත හැකි සෞඛ්‍ය රක්ෂණාවරණ සපයන, ශ්‍රී ලංකාවේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරාල් ලිමිටඩ් (SLIC General) සමාගම, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පසුගිය මාර්තු මස 6 වනදා සිට 8 වනදා දක්වා පැවති 'Medicare 2026' වෛද්‍ය ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස කටයුතු කළේය.

    ශ්‍රී ලංකාවේ වඩාත් විශාලතම සහ විශ්වසනීය සෞඛ්‍ය ආරක්ෂාව හා යහපැවැත්ම පිළිබඳව පැවැත්වෙන ප්‍රදර්ශනය ලෙස Medicare 2026 පිළිගැනීමට ලක් වූ අතර, ඒ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ මහජනතාව ඇතුළු 10,000 කට අධික නරඹන්නන් පිරිසක් සහභාගී විය.

    මෙම ප්‍රදර්ශනය සමඟින් SLICGL සමාගම අත්වැල් බැඳ ගැනීමේ ප්‍රධාන අරමුණ වූයේ, පහසු සහ විශ්වාසනීය රක්ෂණ ආවරණයක් සෑම පුද්ගලයෙකුටම ලබාගත හැකි බව පෙන්වා දීමයි. එමෙන්ම, මෙම සහයෝගීතාවය හරහා ප්‍රජාව වෙත තම සෞඛ්‍යය සහ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීමට හා ඔවුන්ව ඒ සම්බන්ධයෙන් දිරිමත් කිරීමට SLICGL සමාගමට අවස්ථාව ලැබිණි. මෙය වර්තමානයේදී මෙන්ම අනාගතයේදී ද සෑම ශ්‍රී ලාංකික පවුලකම සෞඛ්‍යය, ආරක්ෂාව සහ මානසික නිදහස වෙනුවෙන් සමාගම දක්වනු ලබන දිගුකාලීන කැපවීමේ තවත් එක් පියවරකි.

    රෝගාබාධ, අනතුරු සහ බලාපොරොත්තු නොවූ අවස්ථාවකදී සිදු වන වෛද්‍ය වියදම් හේතුවෙන් ඉතා හොඳින් සැලසුම් කළ ජීවිත පවා අසීරුතාවයට පත් කරන අතර ශ්‍රී ලංකාව පුරා ජීවත්වන බොහෝ පවුල්වලට, රෝහල්ගතවීමකදී දැරීමට සිදුවන මූල්‍ය බර දැඩි පීඩනයක් බව SLICGL අවබෝධ කර ගෙන තිබේ. රෝග වැළැක්වීම සහ ඒ සඳහා සුදානමින් සිටීම, ප්‍රතිකාර ලබා ගැනීම හා සමානව වැදගත් බවට SLICGL විසින් දිගු කාලයක් පුරාවට පෙන්වා දී ඇත. එමෙන්ම, නිවැරදි රක්ෂණ ආවරණයක් තිබීම තුළින් සෞඛ්‍ය ගැටලුවකදී සිදු වන මූල්‍යමය හානිය වඩාත් පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබේ.

    මෙම ප්‍රදර්ශනයේදී, SLICGL විසින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දක්වන කැපවීම විදහා දක්වමින් සිය ප්‍රමුඛතම සෞඛ්‍ය රක්ෂණ විසඳුම් වන Mediplus සහ Medi60 රක්ෂණාවරණ හඳුන්වා දෙනු ලැබීය.

    පුළුල් වෛද්‍ය රක්ෂණ ආවරණයක් අපේක්ෂා කරන පුද්ගලයන් සහ පවුල් සඳහා Mediplus රක්ෂණ ආවරණය සැලසුම් කර ඇත. එම රක්ෂණ සැලසුම මඟින්  රෝහල්ගත වීම්, විශේෂඥ වෛද්‍ය උපදෙස්, ශල්‍යකර්ම සහ රෝග විනිශ්චය පරීක්ෂණ (Diagnostic Tests) ආවරණය කරනු ලබන අතර, අනපේක්ෂිත සෞඛ්‍ය වියදම් හේතුවෙන් රක්ෂණ හිමියන්ගේ ජීවිතවලට පීඩාවක් එල්ල නොවන බවට එය විශ්වසනීයත්වයක් ඇති කර තිබේ.

    Medi60 රක්ෂණ ආවරණය, විශේෂයෙන් වයස අවුරුදු 60 සහ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සැලසුම් කර ඇත. ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් හඳුනාගනිමින්, පෞද්ගලික රෝහල්වලට අදාළ නේවාසිකවීම්, විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු, ශල්‍යකර්ම වියදම් සහ රජයේ රෝහලකට ඇතුළත් වීම සඳහා දෛනික දීමනා ආවරණය වන අයුරින් පහසු රක්ෂණ පැකේජ මෙම ආවරණය මගින් සලාසා දෙනු ලබයි. Medi60 ආවරණය මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නවීන සෞඛ්‍ය පහසුකම් වෙත ප්‍රවේශ වීමේදී ගෞරවාන්විතව, සුරක්ෂිතව සහ විස්වාසනීත්වයෙන් සිටීමට සහ ඔවුන් කිසි විටෙක අපහසුතාවයකට පත් නොකිරීමට අවශ්‍ය පසුබිම සලසා දෙනු ලබයි.

    මෙම රක්ෂණ විසඳුම් මඟින් රක්ෂණ සේවාව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවතාවයන් එකිනෙකට ගැළපෙන ආකාරය මනාව පෙන්නුම් කරනු ලබයි. Mediplus සහ Medi60 ආවරණ පිළිබඳව දැනුම්වත් කිරීම හරහා, ජාතික සෞඛ්‍ය ප්‍රමුඛතා එකිනෙක පෙළගස්වමින්, විශ්වාසය ගොඩනැංවීමට සහ පරම්පරා ගණනාවකට මානසික නිදහස අත් කර දීමට SLICGL සමාගම දක්වන කැපවීම මනාව පිළිඹිබු වේ.

    උපදේශන සේවා, රක්ෂණ විසඳුම් පිළිබඳ දැනුම්වත් කිරීම් සහ විවිධ ක්‍රියාකාරකම් හරහා දින තුනක් පුරා ප්‍රදර්ශනයට සහභාගී වූ දහස් සංඛ්‍යාත පිරිසක් ආමන්ත්‍රණය කිරීමට SLICGL සමාගමට හැකි විය. තමන් සහ තම ආදරණීයයන් සුරක්ෂිත කර ගැනීමට ඇති රක්ෂණ විසඳුම් පිළිබඳව ප්‍රජාව වෙත මනා අවබෝධයක් ලබා දෙමින්, SLICGL නියෝජිත කණ්ඩායම පුද්ගල උපදේශන සේවා ලබා දීමට කටයුතු කළේය.

    සෞඛ්‍ය ආරක්ෂාව පිළබඳව ඇති දැනුම විමසමින් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, ‘ලකී වීල්’ (Lucky Wheel) ක්‍රීඩාව සහ ශරීර සුවතා හා යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳ පණිවිඩ රැගත් පාපැදි සවාරි ඇතුළු ආකර්ෂණීය ක්‍රියාකාරකම් රැසකට ප්‍රදර්ශනය වෙත පැමිණි පිරිස් සහභාගී විය. SLICGL ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි පිරිස් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රධානය කිරීම ද සිදු කෙරිණි.

    Medicare 2026 ප්‍රදර්ශනය සමඟ සම්බන්ධ වෙමින්, පුද්ගලයින්ට සහ පවුල්වල ආරක්ෂාව වෙනුවෙන්, සෞඛ්‍ය රක්ෂණාවරණයක ඇති සැබෑ වටිනාකම පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමට SLICGL සමත් විය.