March, 24, 2026
ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා නව්‍ය මෙන්ම පුරෝකථනය කළ අනාගත ප්රවේශයන් ගවේෂණය කිරීමෙහි සහ ක්‍රියාවට නැංවීමෙහි වැදගත්කම රජය විසින් හඳුනාගෙන ඇත.
ඒ අනුව, ප්රමුඛ ක්ෂේත්රයක් වශයෙන් බලශක්ති ආර්ථීකය හඳුනාගනු ලැබ ඇති නමුත්, ප්‍රධාන ආර්ථික අංශ අතර ඒකාබද්ධතාවයේ පවතින දුර්වලතා හේතුවෙන් එම ක්ෂේත්රයේ ආයෝජන සඳහා ඉදිරිපත් වීමේ පසුබෑමක් දක්නට ලැබේ.
එම කරුණු සැලකිල්ලට ගනිමින්, තිරසර ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ඒකාබද්ධ ආර්ථික සංවර්ධන රාමුවක් පැවතීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් 2026 වර්ෂය සඳහා වන අයවැය මඟින් අවධාරණය කරන ලදී.
ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ ප්‍රතිඵල ලබා දීමේ රාමු එකිනෙකට අනුකූල වන පරිදි බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා වන රාමුව සකස් කිරීම පිණිස ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතුව විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.