March, 24, 2026
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මරදාන අන්තයේ සහ බම්බලපිටිය අන්තයේ මගී පාලම් ඉවත් කර විශේෂ අවශ්‍යතා ප්‍රවේශය සහිත නව පාලම් ඉදිකිරීම හා මගී පාලම් සමඟ නව ප්‍රවේශපත්‍ර කවුළු ඉදිකිරීම සහ තෙමහල් සේවා ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළත් කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කර ලංසු කැඳවා ඇත.
ආයතන 04ක් විසින් ලංසු ඉදිරිපත් කර ඇති අතර, එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. MAGA Engineering (Pvt) Ltd වෙත රුපියල් මිලියන 2,162.64ක මුදලකට (බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story