March, 25, 2026
DFCC බැංකුව 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන සිය 13 වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව “ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුකරණයේ තීරණාත්මක පිම්මක්” යන තේමාව යටතේ එළිදක්වා ඇත. මෙම වාර්තාව මඟින් බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරීත්වය, උපායමාර්ගික ප්‍රගතිය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන අතර, දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් බැංකුව සිය ගනුදෙනුකාර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න මෙහිදී පැහැදිලි කෙරේ.
මෙම වාර්තාව නිකුත් කිරීම DFCC බැංකුවේ 70 වන සංවත්සරය හා සමගාමීව සිදු වේ. පුරෝගාමී සංවර්ධන මූල්‍ය ආයතනයක සිට රට පුරා සිටින පුද්ගලයින්, ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ සමාගම් සහ ආයතන වෙත සේවා සපයන පූර්ණ වාණිජ බැංකුවක් දක්වා DFCC බැංකුව පරිවර්තනය වූ දශක හතක සාර්ථක ගමන් මඟ මෙයින් සනිටුහන් වේ.
වාර්තාවේ තේමාව මඟින් වඩාත්ම ගනුදෙනුකාර-කේන්ද්‍රීය සහ ගනුදෙනු කිරීමට පහසුම බැංකුව බවට පත්වීමේ බැංකුවේ උපායමාර්ගික අභිලාෂය පිළිඹිබු වේ. එහිදී සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ක්‍රියාවලීන් සරල කිරීම සහ ඩිජිටල් මෙන්ම ශාඛා ජාල හරහා ගනුදෙනුකාර සම්බන්ධතා ශක්තිමත් කිරීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කර ඇත.
ගත වූ වසර තුළ DFCC බැංකුව සිය ඩිජිටල් බැංකුකරණ හැකියාවන් තවදුරටත් ව්‍යාප්ත කළ අතර, DFCC ONE සහ iConnect 2.0 වැනි පද්ධති ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. මේ හරහා ගෙවීම්, මාරු කිරීම්, මුදල් කළමනාකරණය සහ වෙළෙඳ සේවා සඳහා ගනුදෙනුකරුවන්ට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. මෙම ආයෝජන ඩිජිටල් පහසුව සහ මානුෂීය බැංකු සේවාව එකට ඒකාබද්ධ කිරීමේ බැංකුවේ පුළුල් උපායමාර්ගයේ කොටසකි.
විනයගරුක ශේෂ පත්‍ර කළමනාකරණය, වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ යාම සහ පුද්ගල, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම ආයතනික බැංකු අංශවල අඛණ්ඩ වර්ධනය මඟින් පෙන්නුම් කරන බැංකුවේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙම වාර්තාවේ අවධානය යොමු කර ඇත.
තිරසාර මූල්‍යකරණය සම්බන්ධයෙන් ද DFCC බැංකුව සිය ප්‍රමුඛත්වය තහවුරු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම ලැයිස්තුගත 'නීල බැඳුම්කරය' සාර්ථකව නිකුත් කිරීම මෙහිදී කැපී පෙනේ. සාගර සංරක්ෂණය, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ පාරිසරික තිරසාරභාවය උදෙසා ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ප්රාග්ධනය රැස් කිරීමට මෙමඟින් අවස්ථාව සැලසේ. තවද, ශ්‍රී ලංකාවේ ප්‍රථම 'හරිත බැඳුම්කරයේ' ප්රතිලාභ භාවිතය සහ බලපෑම පිළිබඳ ස්වාධීන බාහිර නිරීක්ෂණ වාර්තාවක් ද ප්‍රථම වතාවට මෙම වාර්ෂික වාර්තාව හරහා ඉදිරිපත් කර ඇත.
වෙනස් වන වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව, මෙම වාර්ෂික වාර්තාව ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලයේ (IIRC) රාමුවට අනුකූලව සකස් කර ඇති අතර නවතම තිරසාර අනාවරණයන් ද ඇතුළත් කර ඇත. 2025 තිරසාර අනාවරණයන් SLFRS S1 සහ SLFRS S2 ප්‍රමිතීන්ට අනුකූලව ශක්තිමත් කර ඇති අතර, වාණිජ බැංකු ක්ෂේත්රය සඳහා වන SASB ප්රමිතීන් ද මෙහිදී අනුගමනය කර ඇත. මීට අමතරව ගෝලීය වාර්තාකරණ මුලපිරීමේ (GRI) ප්‍රමිතීන්ට අනුව ස්වේච්ඡා තිරසාර වාර්තාකරණය ද බැංකුව දිගටම පවත්වාගෙන යයි.
මූල්‍ය සහ මූල්‍ය නොවන සම්පත් (ප්‍රාග්ධන හයක් යටතේ) දිගුකාලීන තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න ද මෙම වාර්තාවේ විස්තර කර ඇත. එමෙන්ම පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ව්‍යුහයන් ශක්තිමත් කිරීම තුළින් බැංකුවේ උපායමාර්ග, අවදානම් කළමනාකරණය සහ ණය දීමේ තීරණ සඳහා තිරසාරත්වය ඒකාබද්ධ කර ඇති ආකාරය මෙහිදී පැහැදිලි කෙරේ.
මෙම 2025 ඒකාබද්ධ වාර්ෂික වාර්තාව හරහා, ගැඹුරු සංවර්ධන බැංකුකරණ මූලයන් සහිත ආයතනයක් මූල්‍ය විනය, වගකීම් සහගත ප්‍රාග්ධන වෙන් කිරීම සහ ගනුදෙනුකාර-කේන්ද්‍රීය නවෝත්පාදනයන් සමඟ නවීන වාණිජ බැංකුවක් ලෙස පරිණාමය වන ආකාරය DFCC බැංකුව මනාව පෙන්නුම් කරයි.
DFCC බැංකුව සිය අටවන දශකයට පා තබන මොහොතේ, ආර්ථික අවස්ථා පුළුල් කිරීමටත්, විශ්වාසය ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනයට සහාය වීමටත් අඛණ්ඩව කැපවී සිටියි. එමෙන්ම ගනුදෙනුකරුවන්, කොටස් හිමියන් සහ මුළු මහත් සමාජය වෙනුවෙන්ම තිරසාර වටිනාකමක් ලබා දීමට බැංකුව ඉදිරියටත් කටයුතු කරනු ඇත.
Video Story