April, 2, 2026
ලංකෙම් සිලෝන් පිඑල්සී. වෙතින් "ලංකෙම් මඩ රජා" නමින් ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත සුවිශේෂී SSP මඩ පොහොරක් දේශීය ගොවි ජනතාව වෙනුවන් පසුගිය දින හඳුන්වා දෙනු ලැබීය. මෙය ජාතික කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීමෙහි ලා ගනුලැබූ වැදගත් පියවරකි. තවද මේ හරහා, ආනයනික පොස්පේට් පොහොර මත දේශීය කෘෂිකර්මාන්තයේ රඳා පැවැත්ම ද විශාල ප්‍රමාණයකින් අඩුවනු ඇත.
"ලංකෙම් මඩ රජා", ලංකෙම් සිලෝන් පිඑල්සී. හි අනුබද්ධ සහෝදර සමාගමක් වන ලංකෙම් මිනරල්ස් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරනු ලබන දේශීය පොහොර විශේෂයකි. රුපියල් බිලියන 3.0 ක ආයෝජනයකින් ඉදිකරනු ලැබූ, නවීන යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගනිමින්, වාර්ෂිකව මෙට්‍රික් ටොන් පනස් දහසක් (50,000MT) නිපදවීමේ ධාරිතාවයක් සතු, විශාල වපසරියක් පුරා විහිඳුනු කර්මාන්ත ශාලාවකදී, මෙම සම්පුර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරයි. එමගින් දේශීය කෘෂිකර්මාන්තය සඳහා වාර්ෂික පොස්පේට් පොහොර අවශ්‍යතාවෙන් සියයට අසූවක් (80%) ක් පමණ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි.
මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍ය වන එප්පාවල ඇපටයිට් නිධියෙන් ලබාගන්නා එප්පාවල රොක් පොස්පේට් (Eppawala Rock posphate - ERP), රජයේ අනුබද්ධිත ලංකා පොස්පේට ලිමිටඩ් ආයතනය හරහා සපයාගනු ලබයි. වාර්ෂිකව මෙට්‍රික් ටොන් තිස් දහසක් (30,000MT) පමණ එසේ සපයාගනිමින් දේශීය ඉංජිනේරු තාක්ෂණය භවිතා කරමින් සම්පූර්ණ නිෂ්පාදනය ක්‍රියාවලිය සිදුකරනු ලබයි. මේ හරහා වාර්ෂිකව සිදුකරන පොස්පේට් පොහොර ආනයනය සීමා කරමින්, සැපයුම් ජාලයන් ශක්තිමත් කරමින් දිගුකාලීන කෘෂිකාර්මික ස්ථාවරත්වය ඇති කරයි. තවද මෙම කර්මාන්තශාලාව හා නිෂ්පාදන ක්‍රියාවලිය හරහා විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය කරමින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද සෘජුව මැදිහත් වෙයි.
මෙම නව පොහොර නිෂ්පාදනය හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකෙම් සිලෝන් පිඑල්සී. හි කළමනාකාර අධ්‍යක්ෂක, සුරේන් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “ ලංකෙම් මඩ රජා, හඳුන්වාදීම දේශීය කෘෂිකර්මන්තයේ ස්ථාවරත්වය ගොඩනැගීම වෙනුවෙන් තබන ලද ඉතාමත්ම වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි. ආයතනයක් වශයෙන් අප කණ්ඩායම සෑම විටම ආනයන මත රඳා සිටීම අවම කරමින්, දේශීය හැකියාවන් ශක්තිමත් කරමින්, දිගුකාලීනව ජාතික වශයෙන් වැදගත් ක්‍රියාවලීන් නිර්මාණය කිරීමේ අරමුණින් කටයුතු කරනවා. මෙම ව්‍යාපෘතිය මගින් දේශීය ගොවි ජනතාවට මෙන්ම දේශීය ගොවිබිම් උදෙසා තිරසාර විසඳුම් ලබා දීමට ඇති අප කණ්ඩායමේ කැපවීම පිළිබිඹු කරනවා.”
ජාතික හා ආර්ථික වැදගත්කමට අමතරව, ශාක පෝෂණය වෙනුවෙන්ම සමබර හා ඉදිරිගාමී ප්‍රවේශයක් ලබාදීමට "ලංකෙම් මඩ රජා" සතු හැකියාව සුවිශේෂි වනවා. සාමාන්‍යයෙන් භාවිත කරන ආනයනික ට්‍රිපල් සුපර් පොස්පේට් (Triple Super Phosphate -TSP) පොහොරට වඩා "ලංකෙම් මඩ රජා" ශාකයේ මූල වර්ධනය සඳහා අත්‍යවශ්‍ය පොස්පරස් සංඝටකයට අමතරව සල්ෆර් හා කැල්සියම් යන සංඝටකයන්ද පසට සපයමින් ශාකයේ බෝග නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම පසෙහි නිරෝගී බව හා සරුබව දිගුකාලීනව වැඩි දියුණු කිරීමට සමත් වනවා.
"ශ්‍රී ලංකාවේ පසෙහි සල්ෆර් ඌනතාවයක් ඇති බව දැඩිවම පෙනී යන අතර, එයට ප්‍රධානතම හේතූන් වන්නේ අඛණ්ඩව වගා කිරීම, පසෙහි කාබනික ද්‍රව්‍ය අවම වීම, හා අධි සාන්ද්‍ර පොහොර භාවිතයයි. මෙම තත්වයට පිළියමක් ලෙස "ලංකෙම් මඩ රජා" ඉතාමත්ම යෝග්‍ය සුවිශේෂී මඩ පොහොරකි. වී, එළවළු, පළතුරු, බඩඉරිඟු, තේ, පොල්, ධාන්‍ය සහ තෙල් බෝග ඇතුළුව සියළුම භෝග සඳහා භාවිතයට සුදුසුය.
මෙම නව පොහොර නිෂ්පාදනය හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ලංකෙම් මිනරල්ස් ලිමිටඩ් හි සභාපති, ආනන්ද හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලින්හිදී යොදාගන්නා කෙටි කාලීන යෙදවුම් හරහා දිගුකාලීනව පසෙහි නිරෝගී බව හා සරුබව කළමනාකරණය කරගැනීමේ මාර්ග වලට ඉක්මනින්ම පිවිසිය යුතු වනවා. මෙම නවතම නිෂ්පාදනය හරහා පසෙහි වැදගත්ම පෝෂක හිඟයන් සම්පූර්ණ කරනවා. ඒවගේම පසෙහි ව්‍යුහය වැඩි දියුණු කරමින් ජෛව ක්‍රියාකාරීත්වයද වැඩි දියුණු කරනවා. මෙවැනි නිෂ්පාදන හරහා ගොවීන්ට ස්ථාවර ප්‍රතිඵල ලබා දීම මෙන්ම පසෙහි ස්වාභාවික හැකියාවන්ද යළි ස්ථාපනය කිරීම අපගේ අරමුණ වනවා"
එබැවින් TSP වැනි සාමාන්‍ය පොහොරවලට වඩා "ලංකෙම් මඩ රජා" මගින් පොස්පරස්, සල්ෆර් සහ කැල්සියම් පෝෂක ගොනුවක් ලෙසින් එකවිටම පසට සපයමින් පොස්පරස් හරහා ශාකයේ මූල වර්ධනයත්, සල්ෆර් හරහා ප්‍රෝටීන සංස්ලේෂණය හා එන්සයිම ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමත්, කැල්සියම් හරහා පසෙහි ව්‍යුහය වැඩි දියුණු කිරීමත් සිදුවනවා. මෙමගින් ශාකය මගින් නයිට්‍රජන් භාවිත කිරීම කාර්යක්ෂම කරමින් තත්වයෙන් උසස් ඉහළ ස්ථාවර අස්වැන්නක් ලබා ගැනීමට දායක වනවා. විශේෂයෙන්ම තේ වගාවේදී සල්ෆර් මගින් තේ දළු වල සංයුතියද ඉහල නංවමින් රසවත් මෙන්ම ගුණාත්මක තේ කෝප්පයක් ලබා දීමට හැකි වනවා.
Video Story