Hayleys Mobility විසින් නවතම Kaiyi ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹදී විවෘත කරයි

    April, 2, 2026

    නවතම ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් සමීප කරවමින්, Hayleys Fentons ආයතනයේ මොබිලිටි අංශය වන Hayleys Mobility ආයතනයේ ප්‍රධාන Kaiyi ප්‍රදර්ශනාගාරය අංක 75, ආනෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කෙරිණි.

    මෙහි පැමිණෙන පාරිභෝගිකයන්ට වාහන සමීපව පරීක්ෂා කිරීමටත්,'ටෙස්ට් ඩ්‍රයිව්' (Test Drive) අත්දැකීමක් ලබා ගැනීමට මෙන්ම, වාහනයේ විශේෂාංග සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂඥ උපදෙස් ලබාගැනීම දක්වා වූ සේවාවක් හිමිවන අතර විශේෂයෙන්ම, වාහනයක් මිලදී ගැනීමේ සිට එය භාරදීම සහ ඉන් පසු ලැබෙන සේවාවන් පිළිබඳව ද ඉතා පැහැදිලි හා විශ්වසනීය අවබෝධයක් ලබා ගැනීමට පාරිභෝගිකයාට මේ තුළින් හැකියාව ලැබේ.

    මෙම විවෘත කිරීමේ උළෙලේ ප්‍රධාන අවධානය යොමු වූයේ නාගරික ජීවන රටාවට ගැළපෙන ලෙස නිපදවා ඇති, සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන Kaiyi eVibe E04 කුඩා ප්‍රමාණයේ (Hatchback) රථය වෙතයි.

    එක් වරක් ආරෝපණය කළ පසු කිලෝමීටර් 300ක (CLTC-certified) දුරක් ධාවනය කළ හැකි මෙම රථය, විනාඩි 30ක් වැනි කෙටි කාලයකින් වේගවත් ආරෝපණ (Fast charging) පහසුකමෙන් ද යුක්තය. ඒ නිසාම මෙය එදිනෙදා ගමන් බිමන් සඳහා ඉතාමත් කාර්යක්ෂම මෙන්ම ප්‍රායෝගික විසඳුමකි.

    තවද, 360-degree camera පද්ධතිය, උසස් තත්ත්වයේ ශබ්ද පද්ධතිය (Premium audio) මෙන්ම Apple CarPlay සහ Android Auto වැනි නවීන තාක්ෂණික අංග රැසකින් මෙම රථය සමන්විත වේ. සුවපහසුව මෙන්ම පරිසර හිතකාමී බව ද අපේක්ෂා කරන නවීන රියදුරන් සඳහාද දෛනික ගමන් බිමන් සඳහාද ප්‍රායෝගික සහ කාර්යක්ෂම විසඳුමක් වන Kaiyi eVibe E04 සැබවින්ම සැමගේ ආකර්ෂණීය තේරීමක් වනු නොඅනුමානය.

    එසේම පාරිභෝගික අවශ්‍යතා රැසක් සපුරාලමින් ඉදිරියේදී Kaiyi X3 Pro EV රථය ද ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Hayleys Mobility මේ වන විටත් සූදානමින් සිටියි.

    පහසුව, නවෝත්පාදනය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව යන සියල්ල එකම වහලක් යටට ගෙන එන මෙම නවතම ප්‍රධාන Kaiyi ප්‍රදර්ශනාගාරය ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවමු අත්දැකීමක් විඳගැනීම සඳහා දැන් පාරිභෝගික ඔබ සැම වෙනුවෙන් විවෘතව පවතී. එසේම Hayleys Mobility ප්‍රධාන කාර්යාලයට සහ සේවා මධ්‍යස්ථානයට යාබදවම මෙම නව ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති බැවින්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවමු අත්දැකීම් විඳගන්නා අතරම ඔබට අවශ්‍ය සියලුම සේවාවන් ඉතා පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව ද දැන් උදාවී ඇත.

    වැඩි විස්තර සඳහා 0112 222 222 ඔස්සේ හේලීස් මොබිලිටි (Hayleys Mobility) ආයතනය අමතන්න. නැතිනම් www.hayleysmobility.com වෙත පිවිසෙන්න.

     

    ඡායාරූප විස්තරය: ඉතාමත් සාර්ථක ලෙස කොළඹ දී විවෘත වූ  ප්‍රධාන Kaiyi  ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා Hayleys Mobility කණ්ඩායම සහ Kaiyi Auto හා Kaiyi Internationalහි නියෝජිතයන් එක්වුණු අයුරු