September, 7, 2016
2016 ජූනි මාසයේ දී වෙළෙඳ ගිණුමෙහි හිඟය, පෙර වසරේ අනුරූප මාසයෙහි පැවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 735 හි සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 779 දක්වා පුළුල් වූ අතර ආනයන අඩුවීමට සාපේක්ෂව අපනයන විශාල ලෙස අඩු වීම මේ සඳහා හේතු වී තිබේ.
2016 වසරේ පළමු අර්ධයේ දී සමුච්ඡිත වෙළෙඳ හිඟය ද, 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 4,122 හි සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 4,213 දක්වා වර්ධනය වී ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් 2016 ජූනි මාසයේ දී විදේශීය අංශයේ ක්රියාකාරිත්වය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.