එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් Extusion තාක්ෂණය සමඟින් නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙයි

    April, 8, 2026

    ශ්‍රී ලංකාවේ වේගයෙන් පරිභෝජනය වන භාණ්ඩ (FMCG) ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සමාගම සිය Elephant House Wonder සහ IMORICH යන සන්නාම යටතේ නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. උසස් Extusion තාක්ෂණය භාවිතයෙන් නිපදවන මෙම නිෂ්පාදන, දේශීය අයිස්ක්‍රීම් වෙළඳපොළේ ගුණාත්මකභාවය සහ විවිධත්වය සම්බන්ධයෙන් නව ප්‍රමිතියක් ඇති කිරීමට සමත් වී ඇත.

    අවිස්සාවේල්ලේ පිහිටි CCS සමාගමේ නවීන නිෂ්පාදන කර්මාන්තශාලාවේ ස්ථාපනය කර ඇති මෙම නව නිෂ්පාදන තාක්ෂණය මගින්, ස්තර කිහිපයකින් සමන්විත, මැද රසවත් පිරවුම් සහිත, විවිධ හැඩතලවලින් යුත් සහ චොකලට් ආලේපිත අයිස්ක්‍රීම්, මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළ හැකිය. මෙම තාක්ෂණය මඟින් අයිස්ක්‍රීම් කේක්, Logo සහ Frozen Sandwiches වැනි ජාත්‍යන්තර මට්ටමේ නව නිෂ්පාදන රැසක් දැන් දේශීය පාරිභෝගිකයාට සමීප වේ.

    දශක ගණනාවක් පුරා එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සමාගම මෙරට අයිස්ක්‍රීම් කර්මාන්තය හැඩගැස්වීමේ පුරෝගාමී මෙහෙවරක නිරතව සිටී. සෑම නිවසකටම ප්‍රීතිමත් රසවින්දනයක් සමීප කරවමින් වෙළඳපොළ වර්ධනයට Elephant House Wonder දායක වන අතර, ලෝක මට්ටමේ Premium අත්දැකීම් සඳහා ඉහළ යන පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලීම වෙනුවෙන් ෂඵධඍෂක්‍්‍ය හඳුන්වා දෙනු ලැබිණි. මෙම Extrusion තාක්ෂණය හඳුන්වා දීම, එම සන්නාම ද්විත්වයේම පරාසයන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අනාගත නිෂ්පාදන සංවර්ධන ක්‍රියාවලිය නවීකරණය කිරීමටත් තැබූ තීරණාත්මක පියවරකි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා මෙසේ ප්‍රකාශ කළේය.

    “අපගේ මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විශිෂ්ටත්වය ඉහළ නැංවීමටත්, දේශීය පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා දීමටත් අප සතු දිගුකාලීන කැපවීම විදහා දක්වන්නකි. නිරන්තර නවෝත්පාදන සහ නවීන තාක්ෂණය භාවිතයෙන්, ශ්‍රී ලාංකීය අයිස්ක්‍රීම් වෙළඳපොළේ පරිණාමයට නායකත්වය දෙමින්, සෑම පාරිභෝගික කොටසක් අතරම අපගේ තරඟකාරීත්වය තවදුරටත් තහවුරු කිරීමට අපි අපේක්ෂා කරමු.”

    ඉදිරියේදී තවත් නව රසයන් සහ විවිධ නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර ඇති එලිෆන්ට් හවුස්, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ රසවින්දනය අලුත් මාවතකට යොමු කරමින්, දේශීය අයිස්ක්‍රීම් කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස සිය ගමන් මග තවදුරටත් සාර්ථක කර ගනිමින් සිටියි.