කොළඹදී මුදලින් ගෙවීමේ පහසුකම Uber හඳුන්වාදෙයි

    September, 7, 2016

    Uber මගින් ප්‍රවාහන පහසුකම් ලබාගන්නා අපගේ මගීන්ට දැන් හර/බැර කාඩ්පත් වලින් හෝ මුදලින් ගෙවීමේ පහසුකම ලබා දී ඇත.

    ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉතා පහසුවෙන් රියදුරන් හා මගීන් සම්බන්ධ කරන නවෝත්පාදන භාවිතයක් වන ඹඉැර කොළඹ නගරය තුල මුදලින් ගෙවීමේ පහසුකම සලසා ඇත. මේ අනුව Uber ගමන් යන මගීන්ට දැන් හර හෝ බැර කාඩ්පත් මගින් මෙන්ම මුදලින්ද සිය ගාස්තු ගෙවීම සිදු කළ හැකිය.

    “ලෝකය පුරාම, විශේෂයෙන්ම නැගී එන ආර්ථීකයන් තුල ප්‍රමුඛතම ගෙවීම් ක්‍රමය ලෙස තවමත් පවතින්නේ මුදල් බව අපි දනිමු. පසුගිය වසරේදී හයිද්‍රබාද් නුවරදී මුදලින් ගෙවීමේ හැකියාව ඇති කරමින් සිදුකළ අත්හදාබැලීම ඉතාමත් සාර්ථක වූ අතර ඒ අනුව මෙම පහසුකම කොළඹ ඇතුළු ලොව පුරා තවත් නගර 131ක ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. Uber හි අපගේ අරමුණ වන්නේ බොත්තමක් එබූ සැනින් අවුලකින් තොරව, පහසුවෙන් ආරක‍ෂාකාරීව සහ විශ්වාසවන්තව ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව සැමටම සලසාදීමය. මගීන්ට මුදලින් ගෙවීමේ පහසුකම ලබාදීම මගින් වේගයෙන් වර්ධනය වන, ඉක්මනින් වෙනස්වන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් වඩාත් හොඳින් සපුරාදීමට අපට හැකිවේ.” යනුවෙන් දකුණු සහ බටහිර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ Uber සාමාන්‍යාධිකාරී භාවික් රාතොඩ් මහතා පැවසීය.

    පසුගිය වසර එකහමාර තුල Uber නිෂ්පාදන සහ ඉංජිනේරු කණ්ඩායම් Uber සඳහාම විශේෂිතවූ පහසුවෙන්ම මුදලින් ගෙවීමේ ක්‍රමක් හඳුන්වාදීම සඳහා මහත් වෙහෙසක් දැරූහ. පසුගිය වසරේදී මෙම අත්හÞබැලීම සඳහා පළමු නගරය ලෙස හයිද්‍රබාද් නගරය තෝරාගත් අතර එයින් සති කිහිපයකට පසු මුදලින් ගෙවීමේ පහසුකම සහිත දෙවැනි නගරය ලෙස නයිරෝබි තෝරා ගන්නා ලදී. දැන් ලොව පුරා 130කට වැඩි නගර සංඛ්‍යාවක මුදලින් ගෙවීමේ විකල්පය ක්‍රියාත්මක වන අතර කොළඹ 131 වන නගරය බවට පත්වනු ඇත.

    මගීන් සිය ගමන් වල යෙදීමේදී දැනට පවතින සියළුම Uber පහසුකම් සැලසෙන අතර සිය ගමන් සඳහා ගෙවීම් කිරීම වඩාත් සරල කර ඇත. මගීන් සිදුකළ යුත්තේ ‘මුදලින්‘ ගෙවීමේ විකල්පය (CASH option) තෝරාගෙන ගමනෙහි යෙදී, ගමන අවසානයේදී රියදුරු මහතාට මුදලින් ගාස්තුව ගෙවීම පමණකි.

    මෙම පහසුකර මීලඟ සති කිහිපය තුල ක්‍රමයෙන් ක්‍රියාත්මක කෙරෙන නිසා සමහර රියැදුරන් මෙම පහසුකම වහාම ලබා නොදීමට ඉඩ ඇත.

    Uber කොළඹ නගරය තුල ඉමහත් ප්‍රසාදයට පත්ව ඇත. ‘uberGO‘ සහ ‘UberX‘ වැනි අපගේ සේවාවන් මගින් කොළඹ නගරයේ මගීන්ට විශ්වාසදායක, සුවපහසු සහ ආරක‍ෂාකාරී විකල්ප ගමන් පහසුකමක් ලැබී ඇති අතර මුදලින් ගෙවීමේ හැකියාව නිසා ඔවුන්ගේ ලෝකය තවත් පුළුල් වී ඇත.