April, 10, 2026
DFCC බැංකුවේ කාන්තා බැංකුකරණ සේවාව වන DFCC ආලෝකා, මෙරට කාන්තා නායකත්වයෙන් යුත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි මූල්‍ය ප්‍රවේශය, ව්‍යාපාරික ධාරිතාව සහ වෙළෙඳපොළ අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් Chrysalis ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත.
මෙම සහයෝගීතාව හරහා DFCC බැංකුව සතු මූල්‍ය විශේෂඥතාව සහ ව්‍යවසායකත්ව සහාය, Chrysalis ආයතනය සතු බිම් මට්ටමේ කාන්තා ව්‍යවසායක ජාලයන් සහ ප්‍රජා මූලික ව්‍යාපාරික සම්බන්ධතා සමඟ ඒකාබද්ධ කෙරේ. මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණ වන්නේ, කාන්තා ව්‍යවසායිකාවන්ට මූල්‍ය පහසුකම්, ව්‍යාපාර සංවර්ධන සහාය සහ වාණිජ ජාලයන් වෙත ප්‍රවේශය ලබා දීම මඟින් ඔවුන්ගේ කුඩා පරිමාණ ආර්ථික ක්‍රියාකාරකම් විධිමත් සහ තිරසාර ව්‍යාපාර දක්වා පරිවර්තනය කිරීමයි.
මෙම සහයෝගීතාවය හරහා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය ණය පහසුකම්, පුහුණු වැඩසටහන්, ඩිජිටල් මෙවලම් සහ ව්‍යාපාරික උපදේශන සේවාවන් හිමිවන අතර, එමඟින් ඔවුන්ගේ මෙහෙයුම් හැකියාවන් සහ දිගුකාලීන වාණිජමය ස්ථාවරත්වය තහවුරු කෙරේ. තවද, දිස්ත්‍රික් මට්ටමේ ව්‍යාපාරික කණ්ඩායම් සහ ජාතික මට්ටමේ කර්මාන්ත ජාලයන් සමඟ සබඳතා ගොඩනැගීමට ද මෙමඟින් මඟ පෑදෙන අතර, ඒ හරහා ඔවුන්ගේ ව්‍යාපාර සඳහා වඩාත් පුළුල් වෙළෙඳපොළ නිරාවරණයක් හිමිවනු ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ශමින්ද්‍ර මර්සලීන් මහතා මෙසේ පැවසීය: "කාන්තා නායකත්වයෙන් යුත් ව්‍යවසායයන් ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබිම තුළ ප්‍රබල ශක්තියක් නියෝජනය කරනවා. DFCC ආලෝකා හරහා අපගේ අරමුණ වන්නේ කාන්තා ව්‍යවසායිකාවන්ට මූල්‍ය ප්‍රවේශය පමණක් නොව, ඔවුන්ගේ ව්‍යාපාර තිරසාර ලෙස වර්ධනය කර ගැනීමට අවශ්‍ය ව්‍යුහය, දැනුම සහ සම්බන්ධතා ජාලයන් ද ලබා දීමයි. Chrysalis ආයතනය සමඟ අප ඇති කර ගත් මෙම සහයෝගීතාවය මඟින් බිම් මට්ටමේ ව්‍යවසායකත්වය, විධිමත් මූල්‍ය සහාය සහ වෙළෙඳපොළ අවස්ථාවන් සමඟ බද්ධ කරමින් වඩාත් ශක්තිමත් ආර්ථික පරිසර පද්ධතියක් ගොඩනැගීමට අප බලාපොරොත්තු වෙනවා."
මෙම වැඩසටහන, මෙරට රැකියා නියුක්තිය, ඵලදායිතාව සහ සියල්ලන් ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක ප්‍රධාන මෙහෙයවන බලවේගයක් වන කුඩා හා මධ්‍ය පරිමාණ අංශය ශක්තිමත් කිරීම සඳහා DFCC බැංකුව පවත්වාගෙන යන කැපවීම සමඟ මනා ලෙස අනුගත වේ. කාන්තා ව්‍යවසායිකාවන් මුහුණ දෙන මූල්‍ය හා ව්‍යුහාත්මක බාධක ඉවත් කිරීම මඟින් ආදායම් උත්පාදනය කරන, රැකියා අවස්ථා නිර්මාණය කරන සහ ප්‍රජා මට්ටමේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරන ව්‍යවසායයන් බිහි කිරීම මෙම හවුල්කාරිත්වයේ අපේක්ෂාවයි.
එමෙන්ම මෙමෙ සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් Chrysalis ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී අශිකා ගුණසේන මහත්මිය මෙසේ සඳහන් කළාය: "Chrysalis ආයතනය දශකයකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින, විශේෂයෙන්ම ග්‍රාමීය හා අවම පහසුකම් සහිත කාන්තා ව්‍යවසායිකාවන් සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ජීවනෝපායන් සහ තිරසාර ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහාය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායිකාවන් සතු හැකියාව, ඔරොත්තු දීමේ ශක්තිය සහ නවෝත්පාදන කුසලතා පිළිබඳව අපට මනා අවබෝධයක් තිබෙනවා. DFCC ආලෝකා සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා ඔවුන්ට වඩාත් පුළුල් මූල්‍ය ප්‍රවේශයක්, මූල්‍ය සාක්ෂරතාවක් සහ ව්‍යාපාර සංවර්ධන සහායක් ලබා දීමට හැකි වන අතර, ඒ හරහා විශ්වාසයෙන් හා ශක්තිමත්ව ඉදිරියට යාමට ඔවුන්ව බලගැන්විය හැකියි."
ආයතනික මූල්‍ය පහසුකම් සහ බිම් මට්ටමේ ව්‍යවසායකත්ව සංවර්ධනය එකට එක් කරමින් DFCC ආලෝකා සහ Chrysalis අතර ගොඩනැගුණු මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාව තුළ වඩාත් ශක්තිමත් සහ සියල්ලන් ඇතුළත් කරගත් ව්‍යවසායකත්ව පරිසරයක් ගොඩනැගීම සඳහා තැබූ තවත් වැදගත් පියවරකි.
වැඩිදුර තොරතුරු සඳහා www.dfcc.lk වෙත පිවිසෙන්න නැතිනම් 011 2 350 000 ඔස්සේ DFCC බැංකු ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.
Video Story