April, 10, 2026
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLIC General) එක්ව රක්ෂණ සහායක නිලධාරීන් (පුහුණු) 112 දෙනෙකු බඳවා ගත් අතරල එය පසුගිය වසර කිහිපය තුළ සමාගම් දෙක අතර සිදුවූ විශාලතම බඳවා ගැනීම් අතරින් එකක් විය.
එම සමස්ත බඳවා ගැනීම් අතරින් 87 දෙනෙකු SLICGL සමාගමට සහ 25 දෙනෙකු SLICLL සමාගමට එක් විය. මෙම බඳවා ගැනීම සමාගම් දෙකම තම සේවක බලකාය ශක්තිමත් කිරීම සඳහා සහ රැකියා අවස්ථා වර්ධනයට දායක වීම සඳහා කරන ලද අඛණ්ඩ උත්සාහයන් පිළිබිඹු කළේය.
මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවය සහ කුසලතා පදනම් වූ තේරීම් ක්‍රමවේදයක් සහතික කිරීම සඳහා ව්‍යුහාත්මක සහ ස්වාධීන ඇගයීම් පද්ධතියක් යටතේ සිදු කරන ලදී. දිවයින පුරා සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවා ලිඛිත පරීක්ෂණයක් පැවැත්වූ අතර, එහිදී අවශ්‍ය සුදුසුකම් සපුරාලූ අපේක්ෂකයින් ස්වාධීන මණ්ඩලයක් මඟින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගැනීම හරහා සාධාරණත්වය සහ විශ්වාසනීයත්වය තහවුරු කරමින් මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ලදී.
නව රක්ෂණ සහායක නිලධාරීන් (පුහුණු) කුසලතා සංචිතයක් නියෝජනය කරන අතර, බඳවාගත් අයගෙන් ආසන්න වශයෙන් 30%ක් පමණ උපාධිධාරීන් වන අතර, සියලුම සාමාජිකයින් අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් හෝ ඒවාට සමාන ඩිප්ලෝමා සහ උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇත.
මෙම බඳවා ගැනීම් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම්වල දිගුකාලීන මානව සම්පත් සංවර්ධනයට සහ අනාගත රක්ෂණ ක්ෂේත්රයට සූදානම් වෘත්තීයවේදීන් බලගැන්වීමේ අරමුණු මත පදනම් වේ. මේ හරහා නව සේවකයින්ට සැලසුම් සහිත වෘත්තීය වර්ධන අවස්ථා වෙත ප්‍රවේශය ලබා දෙන අතර, ඒ මඟින් ඔවුන්ට සමාගම් තුළ තිරසර වෘත්තීය ජීවිතයක් ගොඩනැගීමට හැකියාව ලැබෙනු ඇත. සේවා අවශ්‍යතා අනුව, බඳවාගත් සේවකයින් ඔවුන් පදිංචි නිවාස වලට ආසන්නම ශාඛා වලට අනියුක්ත කිරීමට ද කටයුතු කර ඇති අතරල එමඟින් කාර්යක්ෂමතාව සහ සේවක පහසුව වැඩිදියුණු කරයි.
මෙම පත්කිරීම් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති, නුසිත් කුමාරතුංග මහතා, “මෙම නව රක්ෂණ සහායක නිලධාරීන් (පුහුණු) කණ්ඩායම එක් කිරීම තුළින් SLICLL සහ SLICGL සමාගම් දෙක තුළම ශක්තිමත් සහ හැකියාවෙන් පිරි කණ්ඩායම් ගොඩනැගීම පිළිබඳව අප දක්වන අඛණ්ඩ අවධානය පිලිබිඹු කරයි. විනිවිදභාවයෙන් සහ කුසලතා පදනම් වූ තේරීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යමින් දක්ෂ පුද්ගලයින්ට අවස්ථා නිර්මාණය කිරීමට අප කැපවී සිටින අතර, දිගුකාලීන සංවිධාන වර්ධනය සඳහා මූලික පදනම් ශක්තිමත් කිරීමටද මෙය දායක වෙනවා. මෙම මූලාරම්භය රැකියා නිර්මාණය කිරීම සහ රටේ ආර්ථික ප්‍රගතියට දායක වීම යන අපගේ පුළුල් කාර්යභාරය මත පදනම් වීමකි.”
මෙම නිල පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය 2026 අප්‍රේල් 7 වන දින SLIC ප්‍රධාන කාර්යාල පරිශ්රයේදීල සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ SLICLL හා SLICGL සමාගම්වල ආයතනික කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙය ආයතනවල අඛණ්ඩ මානව සම්පත් සංවර්ධන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
ඡායාරූප විස්තරය
Image 1 TIA Appointments: රක්ෂණ සහායක නිලධාරීන් (පුහුණු) තම පත්වීම් ලිපි (වමේ සිට දකුණට) නලින් සුබසිංහ (SLIC ලයිෆ් - ප්‍රධාන විධායක නිලධාරී), නුසිත් කුමාරතුංග (සභාපති - SLIC) සහ ආචාර්ය සමීර ධර්මසේන (SLIC ජෙනරල් - ප්‍රධාන විධායක නිලධාරී) අතින් ලබා ගනිමින්.

Image 2 TIA Appointments: පත් වීම් ලබාගත් රක්ෂණ සහායක නිලධාරීන් (පුහුණු)
Video Story