April, 10, 2026
උත්කර්ෂවත් ලෙස පැවති 2026 LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේ දී රන් සම්මාන හතරක්, රිදී සම්මානයක් සහ කුසලතා සම්මානයක් ඇතුළුව සම්මාන හයක් දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් බැංකුකරණ හා මූල්‍ය තාක්ෂණ නව්‍යෝත්පාදනයේ සිය නායකත්වය නැවතත් තහවුරු කර තිබේ.
අඛණ්ඩව දෙවන වසරටත් ‘ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටතාවය’ (බැංකු) සඳහා සමස්ථ රන් සම්මානය දිනා ගැනීම මෙම වසරේ සම්මාන උළෙලේ දී බැංකුව ලබාගත් කැපී පෙනෙන ජයග්‍රහණයක් විය. ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය වන LankaPay (Pvt) Ltd විසින් ඩිජිටල් ගෙවීම් සැකසීමේ දී වඩාත් ම කැපී පෙනෙන මූල්‍ය ආයතනයට පිරිනමන ලද ඉහළම පිළිගැනීම මෙය වේ.
මෙම ඉහළම ගෞරවයට අමතරව, කොමර්ෂල් බැංකුව විසින් ‘වසරේ හොඳම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සහිත මූල්‍ය ආයතනය’ ලෙසදි ‘A’ කාණ්ඩයේ අඛණ්ඩ සිව්වන වසරටත් ‘වසරේ හොඳම නව්‍ය මූල්‍ය ආයතනය’ ලෙසද ‘පාරිභෝගික පහසුව සහිත විශිෂ්ටතම ආයතනය (බැංකු) ලෙසද රන් සම්මාන දිනා ගන්නා ලදී.
තවද, බැංකුව විසින් ‘වසරේ හොඳම LankaPay කාඩ්පත් සක්‍රීය කරන්නා’ සඳහා වන රිදී සම්මානය සහ ‘මූල්‍ය ඇතුලත් කිරීමේ හොඳම ආයතනය (බැංකු) A කාණ්ඩය’ සඳහා කුසලතා සම්මානයක් ද දිනා ගන්නා ලදී.
මෙම සම්මාන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරි සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය: “වේගයෙන් ඉදිරියට ඇදෙන අපගේ අපේක්ෂිත ඩිජිටල් පරිවර්තන වැඩසටහනට මෙය ආරම්භයක් පමණි. ඉහළම සම්මානයට අමතරව, A කාණ්ඩය තුළ ප්‍රධාන රන් සම්මාන දිනා ගැනීම ගැන අපි ආඩම්බර වෙන්නෙමු. මෙම ඓතිහාසික ජයග්‍රහණය අපගේ විශිෂ්ටතම කණ්ඩායමට හා අපගේ විශ්වාසනීය ගනුදෙනුකරුවන්ට අයත් වන අතර ඔවුන්ගේ නොසැලෙන සහයෝගය අපි අගය කරන්නෙමු.”
2026 සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට හිමි වූ ගෞරව සම්මාන තුළින් දේශීය ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්රය නැවත අර්ථ දැක්වීමට උපකාරී වූ විශිෂ්ට නව්‍යෝත්පාදනයන් හා පුරෝගාමීත්වයන් පිරි වසරක් පිළිබිඹු කරයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් මහතා, නියෝජ්‍ය සභාපති රාජා සේනානායක මහතා සහ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරි සනත් මනතුංග මහතා ප්රමුඛ ජ්‍යෙෂ්ඨ හා ආයතනික කළමනාකාරීත්වයේ නියෝජිතයින් ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටතාවය සඳහා සමස්ථ රන් සම්මානය ලබා ගන්නා අවස්ථාව.
Video Story