April, 21, 2026
CSL සමූහයට අයත් Cap Snap Lanka පෞද්ගලික සමාගම ISO-FSSC 22000 ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් සහතික 6ක් හිමි කර ගෙන ඇත. මෙම ජයග්‍රහණය විශේෂ වන්නේ මෙම සියලුම සහතික මාස හයක කාලයක් තුළ දිනා ගැනීමට සමාගමට හැකි වීමයි. මෙය ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ විශිෂ්ටත්වය පිළිබඳ Cap Snap Lankaහි දැඩි කැපවීම පෙන්වා දෙයි. මෙම සහතික ප්‍රදානය Bureau Veritas Sri Lankaහි මෙරට සාමාන්‍යධිකාරි ශාන් නානායක්කාර මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් Cap Snap Lanka කළමනාකරණ කණ්ඩායම ඉදිරියේ සිදු කරන ලදී. මෙම අවස්ථාවේදී සමාගමේ ඉතිහාසය හා මෙහෙයුම් පිළිබඳ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු වූ අතර ප්ලාස්ටික් හා රිජිඩ් පැකේජින් ක්ෂේත්‍රයේ වසර 20ක ගමන් මග දැක්වෙන සමාගමේ වීඩියෝවක්ද ප්‍රදර්ශනය කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රිස්වාන් ජලීල් මහතාද සහභාගී විය. සහතික නිල වශයෙන් සමාගමේ සභාපති අනුර කුමාරසිංහ මහතා, කළමනාකරණ අධ්‍යක්ෂ එම්.එච්.එම්. ෆසාල් මහතා, අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ෆාරිහ් ෆසාල් මහතා සහ අධ්‍යක්ෂ හා උපදේශක හියු ඉන්ද්‍රජිත් මහතා වෙත ප්‍රදානය කරන ලදී.
සමාගමට හිමි වූ සහතික අතර ISO 9001:2015 (Quality Management), ISO 14001:2015 (Environmental Management), Good Manufacturing Practices (GMP), Hazard Analysis and Critical Control Points (HACCP), ISO 22000:2018 (Food Safety Management) සහ GFSI ප්‍රමිතියට යටත් FSSC 22000 Version 6 ඇතුළත් වේ. මෙම සහතික ලැබීමේ ක්‍රියාවලියට දායක වූ IM Production, SBM Production, Stores, Warehouse and Logistics, Maintenance, Engineering Workshop, Sales and Marketing, Commercial, Finance, Human Resources, Factory Administration, Quality Assurance, Quality Compliance සහ Digital Marketing යන දෙපාර්තමේන්තු 14කට ඇගැයීම් සහතික ප්‍රදානය කරන ලදී. එමෙන්ම ISO-FSSC අනුකූලතාව සඳහා සහතික ලත් අභ්‍යන්තර විගණක ලෙස කැපී පෙනෙන දායකත්වයක් සැපැයූ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අභ්‍යන්තර විගණක ඇගැයීම් සහතිකද ප්‍රදානය කරන ලදී. මෙම සම්මාන අධ්‍යක්ෂ ෆයාස් ෆසාල් මහතා, අසිත කුමාරසිංහ මහතා, ආශා කුමාරසිංහ මහත්මිය සහ සමාගම් ලේකම් ෆිරෝස් සමීර් මහතා විසින් ප්‍රදානය කරන ලදී.
CSL සමූහය සහ Bureau Veritas Sri Lanka අතර නිල හවුල්කාරිත්වය සංකේතවත් කරමින් සමරු ඵලකයක් ශාන් නානායක්කාර මහතා වෙත ප්‍රදානය කළ අතර Halcyon Lanka සමඟ ඇති හවුල්කාරිත්වය වෙනුවෙන් රසිත නිරෝෂණ මහතාට සහ ඔහුගේ කණ්ඩායමටද සමරු ඵලකයක් පිරිනමන ලදී. 2003 ජූනි මාසයේ ස්ථාපිත වූ Cap Snap Lanka ප්ලාස්ටික් පැකේජින් විසඳුම් සපයන ප්‍රමුඛ නිෂ්පාදකයෙකි. සමාගම PET බෝතල් හා කන්ටේනර්, පොලිප්‍රොපිලීන් සහ පොලි කාබනේට් බෝතල්, කැප්, ලිඩ් සහ PET ප්‍රිෆෝම් නිෂ්පාදනය කරයි. එහි සහෝදර සමාගමක් වන American Polymers විසින් වර්ණ, ඖෂධ, කිරි නිෂ්පාදන, බීම සහ ඩිටර්ජන්ට් කර්මාන්ත ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා රිජිඩ් පැකේජින් විසඳුම් සපයයි. හෝමාගම සහ ආටිගල පිහිටි වර්ග අඩි 500,000කට වැඩි කර්මාන්තශාලා දෙකක් හරහා ක්‍රියාත්මක වන Cap Snap Lanka සමාගම 1,000කට අධික සේවක සංඛ්‍යාවකට රැකියා සපයමින් ශ්‍රී ලංකාව පුරා 250කට අධික වෙළඳ නාමවලට සහාය දක්වයි.

Video Story