Cinnamon Life හි කාර්යාල පරිශ්‍රය කොළඹ ඉහළම කුලී අනුපාත හිමි කර ගනිමින්, ආයෝජන ආකර්ෂණය තවදුරටත් ශක්තිමත් කරයි

    April, 22, 2026

    John Keells Properties විසින් සංවර්ධනය කරන ලද 'The Offices at Cinnamon Life', කොළඹ වාණිජ දේපළ වෙළඳපොළ තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නගරයේ ඉහළම කුලී අනුපාත වාර්තා කිරීමට සමත්ව ඇත. ව්‍යාපාරික සහ ජීවන රටා පහසුකම් සපිරි ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ආයෝජකයන් දක්වන උනන්දුව මෙන්ම, එවැනි උසස් මට්ටමේ කාර්යාල පරිශ්‍ර සඳහා පවතින ඉල්ලුම මෙමගින් තහවුරු වේ.

    කොළඹ නගරයේ විශාලතම ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය වන Cinnamon Life වෙතින් සුවිශේෂී කාර්යාලීය අවකාශයන් පිරිනැමේ. Cinnamon Life සහ NUWA හෝටල්, සුඛෝපභෝගී නිවාස සහ නවීන විනෝදාස්වාද පහසුකම් සමඟ පවතින සෘජු සබඳතාවය නිසා, ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන සොයන සියලු පහසුකම් සපිරි පූර්ණ ව්‍යාපාරික වටපිටාවක් මෙහි ගොඩනැගී තිබේ. මෙය කාර්යාලයක් පමණක් නොව, ව්‍යාපාරික සාර්ථකත්වය ඉලක්ක කරගත් පූර්ණ පරිසර පද්ධතියකි.

    නවීන ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වර්ග අඩි 10,646 ක් පුරා පැතුරුණු බිම් මහල්වලින් මෙම කාර්යාල ගොඩනැගිල්ල සමන්විත වේ. උසස් යටිතල පහසුකම්, වාහන නැවැත්වීමේ පහසුකම් සහ වෘත්තීමය ගොඩනැගිලි කළමනාකරණය මෙහි ඇති සුවිශේෂී අංගයන් වේ.

    මෙම ව්‍යාපෘතියේ ප්‍රබල ක්‍රියාකාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties හි අංශ ප්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහයේ විධායක උප සභාපති ඉනෝක් පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය.

    "The Offices at Cinnamon Life හරහා අපි ව්‍යාපාරික ලෝකයට නව අත්දැකීමක් හඳුන්වා දී ඇත්තෙමු. වර්ග අඩියකට රුපියල් 950 ක් වැනි වෙළඳපොළේ ඉහළම කුලී අගයක් හිමිවීමෙන් පැහැදිලි වන්නේ, ප්‍රමුඛ පෙළේ සමාගම් අපේක්ෂා කරන ගෝලීය සබඳතා සහ ජීවන රටා පහසුකම් මෙහි මැනවින් පවතින බවයි. මෙම ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රතිලාභ හඳුනාගන්නා දේශීය සහ ජාත්‍යන්තර සමාගම්වලින් ලැබෙන ඉහළ ඉල්ලුම අපගේ මෙම දැක්ම තවදුරටත් තහවුරු කරයි."

    කොළඹ දේපළ වෙළඳපොළ තුළ සුවිශේෂී අවස්ථාවක් සලසමින්, ‘The Offices at Cinnamon Life’ හරහා උසස් මට්ටමේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තුළ තමන්ටම හිමි කාර්යාල අවකාශයක් (Strata office space) මිලදී ගැනීමට ආයෝජකයින්ට දුර්ලභ අවස්ථාවක් හිමිවේ. ප්‍රමුඛ කුලී අනුපාත, උසස් කුලී නිවැසියන්ගේ අඛණ්ඩ ඉල්ලුම සහ දිගුකාලීන වටිනාකම හේතුවෙන්, වසරකට 8% දක්වා කුලී ප්‍රතිලාභ ලබාගත හැක.

    කොළඹ වාණිජ දේපළ ක්ෂේත්‍රය නවීකරණය කරන City of Dreams Sri Lanka සහ Cinnamon Life, වෙළඳපොළ තුළ ඉහළ විශ්වාසයක් ගොඩනැගීමට සමත්ව ඇත. පහසුකම් සපිරි අනාගත වැඩබිම් සඳහා පවතින ඉල්ලුම, මෙම ව්‍යාපෘති වාර්තා කර ඇති ඉහළ කුලී අනුපාතයන්ගෙන් මැනවින් පැහැදිලි වේ.

    ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන John Keells සමූහයේ දේපළ වෙළඳාම් අංශය වන John Keells Properties, මෙරට ප්‍රමුඛ පෙළේ නිවාස හා වාණිජ ව්‍යාපෘති රැසක් දායාද කර ඇත. The Emperor, Monarch, OnThree20, 7th Sense, TRI-ZEN, The Residences at Cinnamon Life සහ VIMAN Ja-Ela වැනි සාර්ථක ව්‍යාපෘතිවලින් අනතුරුව, සිය නවතම Vauxhall DSTRCT ව්‍යාපෘතිය සමඟින් ඔවුන් ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව නව සන්ධිස්ථාන සනිටුහන් කරමින් සිටී.

    City of Dreams Sri Lanka හි ආයෝජන අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට www.johnkeellsproperties.com වෙත පිවිසෙන්න, නැතහොත් 070 2 151 151 අමතන්න.