April, 23, 2026
බයිරහා ෆාම්ස් PLC සහ ක්‍රිස්බ්‍රෝ සමාගම් එක්ව පවත්වාගෙන යනු ලබන Fortune G P Farms Lanka Limited ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමිතීන් ඉහළ නැංවීමේ තවත් පියවරක් පසුගියදා සම්පූර්ණ කරන ලදී. ඒ ලොව ප්‍රමුඛතම සත්ව අභිජනන සමාගමක් වන Cobb Vantress සමඟ දෙදින තාක්ෂණික වැඩමුලුවක් සංවිධානය කරමිනි.
මෙම සුවිශේෂී වැඩසටහන සඳහා පිලිපීනය, තායිලන්තය සහ ඉන්දුනීසියාව නියෝජනය කරමින් තාක්ෂණික විශේෂඥයන් එක්ව සිටි අතර ඔවුන් එහිදී වඩාත් දියුණු ජාන තේරීම සහ විධිමත් ගොවිපළ කළමනාකරණ ක්‍රමවේද හරහා මස් පිණිස ඇති කරන කුකුළන්ගේ අභිජනන ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්නේ කෙසේද යන්න පිළිබඳව පෙන්වා දෙන ලදී.
එසේම අභිජනන සතුන්ගේ කළමනාකරණය සහ පෝෂණය පිළිබඳවද මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර බ්‍රොයිලර් කුකුළු අභිජනනයේදී සහ දිනක් වයසැති පැටවුන් නිෂ්පාදනයේදී නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට මෙන්ම පිරිවැය අවම කිරීම පිළිබඳවද දැනුවත් කරන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බයිරහා ෆාම්ස් පී එල් සී හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී යාකූත් නලීම් මහතා සඳහන් කර සිටියේ “මෙරට කුකුළු පාලන කර්මාන්තයේ ජාත්‍යන්තර තත්වය හා තරඟකාරීත්වය පවත්වාගෙන යාම සඳහා තාක්ෂණික හැකියාවන් හා මනා කාර්යක්ෂමතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ “නිෂ්පාදන වියදම් ඉහළ යාම හමුවේ වුවත් අඛණ්ඩව වෙළෙඳපොල වෙත කුකුළු මස් සැපයීමට කටයුතු කරමින් සිටින මෙම කාලයේදී ජාත්‍යන්තර විශේෂඥ දැනුම සහ ගෝලීය ප්‍රමිතීන් ළඟාකර ගැනීමට කටයුතු කිරීම කර්මාන්තයේ දියුණුවට ඉතා වැදගත් වනවා. ඒ සඳහා Cobb Vantress සමඟ එක්ව කටයුතු කිරීමෙන් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමටත්, ජෛව ආරක්ෂණ ප්‍රමිතීන් ශක්තිමත් කිරීමටත් මෙන්ම සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ස්ථාවර සැපයුමක් පවත්වා ගැනීමටත් අපි සහයෝගය ලබා දෙනවා.” යනුවෙනි.
මෙම වැඩමුළුවෙහි පළමු සැසිය Fortune G P Farms Lanka Limited බයිරහා ෆාම්ස් පී එල් සී සහ ක්‍රිස්බ්‍රෝ සමූහයෙහි කළමනාකාරීත්වය හා තාක්ෂණික කණ්ඩායම් වෙනුවෙන් පවත්වනු ලැබීය. දෙවන දිනය අභිජනන කුකුළු පැටවුන් මිලදී ගන්නා පාරිභෝගිකයින් සහ කුකුළු පාලන උපදේශකයින් වෙනුවෙන් වෙන් කර තිබූ අතර ඒ තුලින් ක්ෂේත්‍ර ගත සියලු කණ්ඩායම් අතර පුරා දැනුම හුවමාරු කර ගැනීමේ සුවිසල් අවස්ථාවක්ද ලබා දීමට කටයුතු කරන ලදී.
මෙම වැඩමුළුව සංවාදයක ස්වරූපයෙන් පවත්වාගෙන යාමට කටයුතු කර තිබීම සහ ඊට සහභාගී වූ අයට තමන් මුහුණ දුන් ප්‍රායෝගික ගැටලු පිළිබඳව කතා කිරීමටත්, දේශීය ක්‍රමවේදයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වීමට අවස්ථාව උදා විය. නිවැරදි දත්ත මත පදනම් වූ කළමනාකරණයක ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.
උසස් තත්වයේ අභිජනන කුකුළු පැටවුන් නවසීලන්තයෙන් මෙරටට ආනයනය කරනු ලබන Fortune G P Farms Lanka සමාගමේ සාර්ථක මෙහෙයුම් තුලින් ශ්‍රී ලංකාවේ කුකුළු පාලන ආයතන සහ කුකුළු පාලන ගොවීන් හට වඩාත් ස්ථායි මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට සහයෝගය ලබා දීම සිදු කරයි.

වත්මන් හා ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින් සහ උපදේශකයින් දෙවන දිනයේ සැසියට එක් වෙමින්
ඡායාරූප විස්තරය - සැසියට සහභාගී වූ බයිරහා හි කළමනාකරණ හා තාක්ෂණික කණ්ඩායම්
Video Story