ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව මෙවර Responsible Care Excellence Awards හිදී ප්ලැටිනම් සම්මානයකින් පිදුම් ලබයි

    April, 24, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ සමාගමක් වන ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවති Responsible Care Excellence Awards 2025 හිදී ප්ලැටිනම් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී සියලු කාණ්ඩ ආවරණය කරමින් ප්ලැටිනම් සම්මානයක් දිනාගැනීමට සමත් වූයේ ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පමණක් වීම විශේෂත්වයකි. වගකීම්සහගත, සුරක්ෂිත සහ තිරසාර නිෂ්පාදන ක්‍රියාවලි අනුගමනය කිරීම සම්බන්ධයෙන් එම සමාගම විශිෂ්ට ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මෙමඟින් තහවුරු වේ.

    Lanka Responsible Care Council (LRCC) මඟින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පානදුර The Barnhouse හිදී පැවැත්විණි. International Council of Chemical Associations (ICCA) හි Responsible Care Leadership Group හි උපදේශක බැරී ඩයර් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.