April, 27, 2026
Euro Motors පුද්ගලික සමාගම මගින් මෙරටට හඳුන්වා දෙන ලොව වේගයෙන්ම වර්ධනය වන SUV රථ සන්නාමයක් වන Jetour, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ක්‍රිකට් තරගාවලි තුනක් සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙමින් ප්‍රජාවන් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර පැවැති 96 වැනි සුලෝහිත සංග්‍රාමය (Battle of the Maroons), කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති 147 වැනි නිල් මහා සටන (Battle of the Blues) මෙන්ම කොළඹ සාන්ත ජෝසප් සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල අතර පැවැති 92 වැනි සාන්තුවරයන්ගේ සටන (Battle of the Saints) සඳහා මෙම අනුග්‍රාහකත්වය හිමි වූ අතර සියලු එක්දින හා සිව්දින තරග ඊට ඇතුළත් විය.
මෙරට පාසල් ක්‍රිකට් සංස්කෘතියේ හදවත බඳු වූ මෙම ඓතිහාසික තරගාවලි නැරඹීම සඳහා ලොව පුරා විසිරී සිටින වත්මන් හා ආදි සිසුන්, පවුලේ සාමාජිකයන් සහ ක්‍රීඩා ලෝලීන් දහස් ගණනක් එක්රැස් වූහ. මෙය හුදෙක් ක්‍රිකට් තරගාවලියක් පමණක් නොව, සම්ප්‍රදාය, පාසල් අභිමානය සහ ජීවිත කාලය පුරා පවතින මිත්‍රත්වය සැමරීමේ අවස්ථාවක් ද වේ.
මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් Euro Motors පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ සමීර් ඉමිටියාස් මහතා මෙසේ පැවසීය. "ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව යනු ක්‍රීඩා පිටියෙන් ඔබ්බට ගිය විශාල උරුමයකි. මෙම තරගාවලි මගින් ජන සමාජයන් එකට එක් කරන අතර නොමැකෙන මතකයන් රැසක් නිර්මාණය කරයි. තරුණ ජවය, කණ්ඩායම් හැඟීම සහ නොපසුබට උත්සාහය පිළිබිඹු කරන මෙම ඓතිහාසික සම්ප්‍රදායන්ට සහාය වීමට ලැබීම පිළිබඳව ‘Jetour’ සන්නාමයේ අපි නිහතමානීව ආඩම්බර වෙනවා"
මෙම අනුග්‍රාහකත්වය හරහා දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයට දායක වෙමින් මීළඟ පරපුරේ ක්‍රීඩකයන් දිරිමත් කිරීම ජෙටූර් සන්නාමයේ අරමුණයි. විශේෂයෙන්ම කණ්ඩායම් හැඟීම, විනය සහ නායකත්වය වැනි ගුණාංග ඔප්නැංවීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ලබාදෙන දායකත්වය සන්නාමය ඇගයීමට ලක් කරයි.
තරග පැවැති ක්‍රීඩාංගණ තුළ Jetour සන්නාමයේ නවතම මාදිලි වන Jetour T1 සහ Jetour T2 ප්‍රදර්ශනය කෙරුණු අතර, එහිදී ප්‍රේක්ෂකයන්ට එම රථවල සුවිශේෂී අත්දැකීම විඳගැනීමට අවස්ථාව උදාවිය.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ දශක දෙකකට වැඩි පළපුරුද්දක් ඇති Euro Motors සමාගම හරහා මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇති Jetour, නවෝත්පාදනය සහ විශ්වසනීයත්වය වෙනුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ සන්නාමයකි. මෙවැනි වැඩසටහන් හරහා Jetour උත්සාහ කරන්නේ හුදෙක් වාහන අලෙවියෙන් ඔබ්බට ගොස් මෙරට සංස්කෘතිය, සම්ප්‍රදායන් සහ ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරන සන්නාමයක් ලෙස ස්ථාපිත වීමටයි.
Video Story