Infinix වෙතින් ප්‍රථම වරට AI Matrix Display සහ Snapdragon ප්‍රොසෙසරය සහිත NOTE 60 ස්මාර්ට්ෆෝන් මාදිලි පෙළ එළිදක්වයි

    April, 27, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Infinix, ස්මාර්ට් දුරකථන කලාවට අලුත් අත්දැකීමක් එකතු කරමින් නවෝත්පාදන විශේෂාංග සහ ස්මාර්ට් බුද්ධියකින් සමන්විත නවතම මාදිලි පෙළක් හඳුන්වා දී ඇත. බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි NOTE 60 ස්මාර්ට්ෆෝන් මාදිලි පෙළ ඉතා උත්කර්ෂවත් අයුරින් පසුගිය දා වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. කොළඹදී පැවැත්වුණු මෙම උත්සවය මඟින් මෙරට වෙළඳපොළ වෙත Infinix දක්වන අඛණ්ඩ සැලකිල්ල මනාව පිළිබිඹු විය. මෙම නව මාදිලි පෙළෙම “Take Note, Take Lead” යන තේමාව යටතේ, වර්තමාන තරුණ පරපුරේ වේගවත් ජීවන රටාවට ගැළපෙන ලෙස නිර්මාණය කළ මෙම මාදිලි නවීනතම තාක්ෂණය, ඉහළ ක්‍රියාකාරීත්වය සහ ඊළඟ පරම්පරාවේ තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විතය.

    මාධ්‍යවේදීන්, තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, සමාජමාධ්‍ය තරු සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය, NOTE 60 ස්මාර්ට්ෆෝන් මාදිලි පෙළ මුල් වරට සියැසින් දැකගැනීමේ උනන්දුව සහ උද්‍යෝගය පිරුණු ආකර්ෂණීය සැඳෑවක් විය. මෙහිදී කාගේත් අවධානය දිනාගත් සුවිශේෂීම අංගය වූයේ එම උපාංගය සතු අති නවීන AI Matrix Display තාක්ෂණයයි. එදිනෙදා ජීවිතයේ කටයුතු බාධාවකින් තොරව සිදු කරගැනීම පහසු කරන මෙම දුරකථනයට, intelligent interface, personalized notification, Dynamic visual cues සහ තවත් interactive විශේෂාංග රැසක් ඇතුළත්ය. සාමාන්‍ය ස්මාර්ට් දුරකථනයක් භාවිතයෙන් එහාට ගිය අපූරු අත්දැකීමක් මේ නිසා භාවිතා කරන්නාට හිමි වේ.

    ජනප්‍රිය කලාකරු යුකී නවරත්න විසින් ඉදිරිපත් කරන ලද සජීවී සංගීත ප්‍රසංගය, පැමිණ සිටි පිරිසට ඉතා උද්යෝගිමත් සංගීත අත්දැකීමක් තිළිණ කළේය. සංගීත ප්‍රසංගයේ තිබූ උද්වේගවත් සජීවී බව NOTE 60 දියත් කිරීමේ මොහොත තවත් විචිත්‍රවත් විය. මීට අමතරව, Infinity Band කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද ආකර්ෂණීය නර්තන අංගය උත්සවයට විචිත්‍රවත් බවක් එක් කළ අතර, එය NOTE 60 ස්මාර්ට් දුරකථන මාලාවේ උද්වේගිමත් ගුණය ද මනාව පිළිබිඹු කළේය.

    Experience zone මෙහිදී කාගේත් ප්‍රධාන අවධානයට ලක්වූ ස්ථානයක් බවට පත්වූ අතර, එහි පැමිණ සිටි අමුත්තන්ට NOTE 60 මාදිලිය පිළිබඳ සියැසින්ම පරික්ෂා කර බැලීමට ද අවස්ථාව හිමි විය. එහිදී ඔවුන්ට AI Matrix Display තාක්ෂණයේ වෙනස දැකගන්නටත්, Snapdragon මඟින් බලගැන්වුණු 5G වේගය අත්විඳීමටත් අවස්ථාව හිමි විය. දුරකථන මාදිලියේ බාහිර පෙනුම සඳහා Ferrari මෝටර් රථයේ හැඩය ආභාසයට ගෙන තිබීම බොහෝ දෙනාගේ සිත්ගත් කරුණක් විය. NOTE 60 ස්මාර්ට් දුරකථන මාදිලි පෙළ බාධාවකින් තොරව කාර්යයන් කිහිපයක නිරත වීමේ හැකියාවෙන් (Seamless multitasking) සමන්විතය. සිත්ගන්නාසුලු තිරය සහ උසස් නිමාව, එදිනෙදා වැඩකටයුතු නිර්මාණශීලීව හා ඵලදායී ලෙස කරගැනීමට මනා සහයක් ලබා දෙයි.

    මෙම අවස්ථාවට එක්වෙමින් Infinix ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරී Muhammad Shahzeb Ather මහතා මෙසේ අදහස් දැක්වීය: "NOTE 60 ස්මාර්ට් දුරකථන මාදිලි පෙළ හඳුන්වා දීම තුළින් පෙනී යන්නේ ලාංකික තාරුණ්‍යය තාක්ෂණයෙන් බලගැන්වීම කෙරෙහි අප දක්වන උනන්දුවයි. 5G සහ AI සමඟ ස්මාර්ට් දුරකථන අත්දැකීමක් ලාංකික පාරිභෝගිකයන්ට ලබා දෙමින් වේගයෙන් වෙනස් වන ඩිජිටල් ලෝකය තුළ අපගේ පාරිභෝගිකයන්ට වඩාත් වේගවත් සහ නිර්මාණශීලී වීමට අප අවස්ථාව සලසා දී තිබෙනවා."

    මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් JBL Consumer and Embedded Audio BU අංශයේ පද්ධති ඉංජිනේරු අධ්යක්ෂ Cyrus Legg මහතා පැවසුවේ, "SOUND BY JBL හවුල්කාරිත්වය හරහා ලොව පුරා සිටින පාරිභෝගිකයන්ට උසස් තත්වයේ ශ්‍රවණ අත්දැකීමක් ලබා දීමේ අරමුණ ඇතිව, Infinix සමඟ එක්වීමට ලැබීම පිළිබඳ අප ආඩම්බර වනවා. විනෝදාස්වාදය මුල් කරගත් ක්ෂේත්‍රවල අපගේ දායකත්වය පුළුල් කරමින් මෙම සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම අපේ බලාපොරොත්තුවයි."

    මීට අමතරව, Infinix සහ Qualcomm Technologies අතර මුල් වරට ඇති කරගත් සහයෝගීතාවය ද මෙහිදී නිවේදනය කෙරිණි. ඒ පිළිබඳව Qualcomm Technologies නිෂ්පාදන කළමනාකරණ ජ්යෙෂ්ඨ උප සභාපති Chenwei Yen මහතා මෙසේ පැවසීය: "Infinix සහ Qualcomm Technologies අතර ඇති කරගත් මේ සුවිශේෂී හවුල්කාරිත්වය හරහා ජංගම දුරකථන ක්‍රියාකාරීත්වය නව මානයකට රැගෙන යාමට අප සමත්ව තිබෙනවා. වේගය සහ බලය සම්බන්ධයෙන් නව ප්‍රමිතීන් හඳුන්වා දෙමින්, තාක්ෂණයේ සීමාවන් ජය ගැනීමට අප කැපවී සිටිනවා."

    Pininfarina සන්නාම ව්යාපාරික අංශයේ ජ්යෙෂ්ඨ උප සභාපති Fabio Calorio මහතා අදහස් දක්වමින් කියා සිටියේ, "වසර 95කට වැඩි කාලයක් පුරා Pininfarina යනු වේගයේ සහ අභිමානයේ සංකේතයක්. NOTE 60 Ultra හරහා අප එම අභිමානය ස්මාර්ට් උපාංගවල අනාගතය වෙත රැගෙන එනවා. මෙහිදී නිර්මාණකරණය (Design) යනු හුදු අලංකාරයක් පමණක් නොව, ක්‍රියාකාරීත්වය සහ නවෝත්පාදනයේ ප්‍රධාන බලවේගයයි."

    උසස් Snapdragon chipset තාක්ෂණය සහ මීළඟ පරම්පරාවේ සන්නිවේදන පහසුකම් මඟින් බලගැන්වෙන NOTE 60 ස්මාර්ට් දුරකථන මාදිලි පෙළ, ඉහළ ක්‍රියාකාරීත්වයක් සහ සුවිශේෂී නිමාවකින් ද සමන්විතය. මෙය කැපී පෙනෙන ජීවන රටාවක් අපේක්ෂා කරන පාරිභෝගිකයන් සඳහාම නිර්මාණය කර ඇත.

    තාක්ෂණය, සංස්කෘතිය සහ විනෝදාස්වාදයේ අපූරු සංකලනයක් ලෙස පැවැත්වුණු මෙම දියත් කිරීමේ උත්සවය අති සාර්ථක ලෙස නිමාවට පත් විය. ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අභිලාෂයන් හඳුනා ගනිමින් අර්ථවත් නවෝත්පාදන ගෙන ඒමට Infinix දක්වන කැපවීම මෙහිදී නැවතත් තහවුරු විය.

    Infinix NOTE 60 ස්මාර්ට්ෆෝන් මාලාව දැන් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිත ආයතන සහ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිය.