2026 Huawei IP සමුළුවේදී ශ්‍රී ලංකාවේ 5G ව්‍යාප්තිය හා Pre-Wi-Fi 8 දියුණුව සඳහා AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක ව්‍යාපාර ජාල පද්ධති පිළිබඳ අවධානය යොමු කරයි

    April, 27, 2026

    Huawei සමාගම විසින් සංවිධානය කරනු ලැබූ 2026 Intelligent IP සමුළුව පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්විණ. AI තාක්ෂණයේ සහ 5G තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ සිදු වන වෙනස්වීම් හමුවේ ව්‍යාපාරික සන්නිවේදන ජාලයන්හි හෙට දවස පිළිබඳ අවධානය යොමු කළ මෙම සමුළුව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයනි සහ තාක්ෂණික විශේෂඥයින් රැසක් එක්ව සිටියහ.

    ඩිජිටල් පරිවර්තනයක පදනම ආයතනික සන්නිවේදන ජාල බව අවධාරණ කළ මෙම සමුළුවේදී එම සන්නිවේදන ජාල මඟින් බැංකු සහ මූල්‍ය, රාජ්‍ය අංශය, අධ්‍යාපනය, නිෂ්පාදන සහ දේපළ වෙළෙඳාම් වැනි ක්ෂේත්‍ර රැසකට වඩාත් බුද්ධිමත්, ආරක්ෂිත සහ කාර්යක්ෂම ආකාරයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන බවද සාකච්ඡාවට ලක් විය.

    ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණය තුලින් ඉදිරියට යන විට ආයතනයන්ට අන්තර්ජාල සම්බන්ධතාවයන්ට වඩා වැඩි සේවාවක් අවශ්‍ය වන බවද මෙහිදී කියවිණ. එහිදී Cloud තාක්ෂණය සහ AI වැනි සුවිශේෂී කාර්යයන් සඳහා කාර්යාල ජාල සේවා සහ දත්ත මධ්‍යස්ථාන සම්බන්ධ වූ ජාල පද්ධතියක් අවශ්‍ය වේ. AI සහ සජීවී ඩිජිටල් සේවාවන්හි ව්‍යාප්තියත් සමඟ ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ නවෝත්පාදනයන් ඉහළ නංවන වේදිකාවන් බවට ආයතනික ජාල පද්ධතිය පත් වෙමින් ඇත.

    සන්නිවේදන ජාල අලුත් කරන AI සහ 5G තාක්ෂණයන්

    AI සහ 5G තාක්ෂණයන් මගින් ව්‍යාපාරික තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇති කරන සුවිසල් වෙනස මෙම සමුළුවේ ප්‍රධාන මාතෘකාව විය. ශ්‍රී ලංකාව 5G ව්‍යාප්තිය හරහා අධි වේගයක් සමඟින් සන්නිවේදන පහසුකම් ලබා ගනිමින් සිටියද, එහි නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් ශක්තිමත් Datacom තිබිය යුතු බව විශේෂඥයෝ මෙහිදී පන්වා දුන්හ.

    ඩිජිටල් බැංකුකරණය, විද්‍යුත් රාජ්‍ය සේවා සහ බුද්ධිමත් නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා AI තාක්ෂණයට ගැළපෙන වේගවත් ජාල පද්ධති අත්‍යවශ්‍ය වේ. 5G තාක්ෂණයේ ඇති හැකියාවන් ප්‍රායෝගික ව්‍යාපාරික අවශ්‍යතා සමඟ සම්බන්ධ කරන ප්‍රධාන පාලම ලෙස Datacom ක්‍රියා කරන බව Huawei මෙහිදී පෙන්වා දෙන ලදී.

    විදුලි සංදේශ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි දෙකෙහිම Huawei පෙරමුණ ගැනීම පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අදහස

    මෙම සමුළුවට එක් වෙමින් අදහස් දැක්වූ Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරීවරයා විදුලි සංදේශ හා ව්‍යාපාරික ක්ෂේත්‍රයන් තුළ පෙරමුණ ගෙන ඇති ආකාරය පිළිබඳ අවධාරණය කරන ලදී.  මෙරට විදුලි සංදේශ යටිතල පහසුකම් නිර්මාණය කිරීමට හා 5G තාක්ෂණය ව්‍යාප්ත කිරීමට දිගු කාලයක් තිස්සේ විශ්වාසවන්ත සහකරුවකු ලෙස Huawei කටයුතු කරන බව පෙන්වා දුන් ඒ මහතා  බැංකු, මූල්‍ය, රජයේ සේවා, අධ්‍යාපන සහ නිෂ්පාදන ක්ෂේත්‍රයන් වෙත ආරක්ෂිත හා විශිෂ්ට ජාල පද්ධති ලබා දෙමින් ව්‍යාපාරික සේවාවන් Huawei විසින් තවදුරටත් ශක්තිමත් කරන බවද සඳහන් කරන ලදී.

    AI තාක්ෂණය සමඟින් ව්‍යාපාරික Datacom හි නව්‍යකරණය

    Huawei වත්මන් අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නිර්මාණය කළ නවතම ව්‍යාපාරික Datacom මෙහිදී හඳුන්වා දෙන ලදී. විශේෂයෙන්ම NetEngine AR 5Gz ආරක්ෂිත රවුටරය හරහා ආයතනවලට තම ජාල පද්ධතිය සමඟ 5G සබඳතාව ඉතා පහසුවෙන් සම්බන්ධ කරගත හැකිය. එමගින් ආරක්ෂිත, නම්‍යශීලී සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට එම ආයතනයන්ට අවස්ථාව උදා වනු ඇත.

    වේගය, විශ්වසනීයත්වය හා පහසුවෙන් සම්බන්ධ කිරීම සඳහා මනාව ගැලපෙන AirEngine 8771-X1T ලෙස හඳුන්වන තාක්ෂණ යුගය වෙනුවෙන්ම නිර්මාණය කර ඇති Pre-Wi-Fi 8 උපාංගය හඳුන්වා දී ඇත. සාමාන්‍ය රැහැන් රහිත ජාල පද්ධති, ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා කාර්යක්ෂමබවක් හා ශක්තියක් ලබා දීමට මීට හැකි වේ.

    එසේම Huawei විසින් ද්විත්ව පද්ධතිමය ව්‍යුහයකින් යුත් CloudEngine twin switches හඳුන්වා දීමටද කටයුතු කර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ ජාල පද්ධතිය බිඳ නොවැටී දෝෂ ඉතා ඉක්මණින් නිවැරදි කරමින් අඛණ්ඩ සේවාවක් ලබා දීමට කටයුතු කිරීමයි. බැංකු පද්ධති සහ රජයේ යටිතල පහසුකම් වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉතා සුදුසු වන මේ තුලින් පිළිබිඹු වන්නේ සියලු නිපැයුම් හරහා AI තාක්ෂණයට ගැලපෙන, ශක්තිමත් සහ ඉහළ කාර්ය සාධනයක් සහිත ව්‍යාපාරික ජාල පද්ධති ලබා දීමේ Huawei  හි කැපවීමයි.

    ආයතනික සහයෝගීතාව සහ දැනුම බෙදා හදා ගැනීම

    මෙම සමුළුවේ තවත් විශේෂ අවස්ථාවක් වූයේ ක්ෂේත්‍රයේ විශේෂඥයින් හා තාක්ෂණික විශිෂ්ටයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු සාකච්ඡා මණ්ඩපයයි. ඩිජිටල් පරිවර්තනයේ මීළඟ අදියර සඳහා ආයතන සූදානම් විය යුතු ආකාරය පිළිබඳ වටිනා අදහස් රැසක් එහිදී ඔවුන් විසින් බෙදා හදා ගන්නා ලදී.

    මූල්‍ය සේවා, රාජ්‍ය අංශය, විදුලි සංදේශ සහ ව්යාපාරික ක්ෂේත්‍රයන්හි සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම සාකච්ඡාවේදී, AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ජාල සහ 5G සේවාවන් භාවිත කිරීමේදී ඇතිවන ප්‍රායෝගික අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කෙරිණි. එහිදී ලැබුණු ප්‍රධාන නිගමනය වූයේ, ශ්‍රී ලංකාව තුළ නවෝත්පාදනයන් වේගවත් කිරීමට සහ තිරසාර ඩිජිටල් වර්ධනයක් සහතික කිරීමට නම් ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන් අතර ශක්තිමත් සහයෝගීතාවක් තිබිය යුතු බවයි.

    අනාගතයට ගැලපෙන ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම

    ඩිජිටල් ආර්ථිකයක කොඳු නාරටිය වන්නේ ආයතනික Datacom බව 2026 Huawei IP සමුළුවේදී තහවුරු වූ අතර ශ්‍රී ලංකාව වඩාත් දියුණු සහ විශිෂ්ට අනාගතයක් කරා යන ගමනේදී AI, 5G සහ උසස් ජාල යටිතල පහසුකම් එක්ව ක්‍රියා කිරීම ඉතා වැදගත් වේ. එමගින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සුවිසල් පරිවර්තනයක් ඇති කිරීමට මෙන්ම වඩාත් හොඳින් සේවාන් ලබා දීමටත්, රටේ සමස්ත සංවර්ධනයට සහය වීමටත් තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.