AHC සමූහ ව්‍යාපාරය හා ආසියානු අප්‍රිකානු වාණිජ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

    May, 5, 2026

    AHC සමූහ ව්‍යාපාරයේ සභාපති ජාත්‍යන්තර කෘෂි කර්මාන්ත මණ්ඩලයේ (ICAPIFPO) සම නිර්මාතෘ සහ සාම තානාපති ආචාර්ය නාලක සිල්වා සහ ආසියානු අප්‍රිකානු වාණිජ මණ්ඩලයේ (AACCI) සභාපති ආචාර්‍ය  ජී. ඩී. සින්  අතර අවබෝධතා ගිවිසුමක්,  මීගමුවේ හෙරිටන්ස් හෝටලයේදී  AHC සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ට කළමනාකාරීත්වය, සේවක මණ්ඩලය සහ දෙස් විදෙස් ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම තුළින් කෘෂිකර්මාන්ත, සංචාරක, ආනයන, අපනයන, දේපොළ වෙළෙඳාම්, භූ විද්‍යා හා පතල් කර්මාන්ත ආශ්‍රිත ආයෝජන ගලා ඒමක් මෙන්ම විශාල රැකියා උත්පාදනයක් සිදු වීමට නියමිත බව මෙහිදී ආචාර්ය නාලක සිල්වා මහතා අනාවරණය කළේය.

    AHC සමූහ ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යාපාර ජාලයක් ක්‍රියාත්මක කරන කීර්තිමත් සමාගමකි. සමාගම ක්‍රියාත්මක කරන වර්මිකොම්පෝස්ට් කාබනික පොහොර ව්‍යාපෘතිය වර්තමානයේදී අති සාර්ථකව එළවළු, පළතුරු සහ මල් වගාකරුවන් අතර ප්‍රචලිත වී ඇත. ශ්‍රී ලංකාව තුළ වී වගාව තව දුරටත් ව්‍යාප්ත කිරීම අරමුණු කර ගෙන ගොවීන් වෙත උපරිම ප්‍රතිලාභ දීම සඳහා තිස්සමහාරාම හා අම්පාර ප්‍රදේශයේ අස්වැන්න ව්‍යාපෘතිය යටතේ අක්කර 1000ක පමණ භූමි ප්‍රමාණයක බිත්තර වී වගා කිරීම ආරම්භ කර ඇත. උපරිම විශ්වාසයක් මෙන්ම සුරක්ෂිතභාවයක් හිමි තම සමාගමේ ආයෝජනයට සම්බන්ධ වන ලෙස මහ ජනතාවට ආරාධනාවක් ආචාර්ය නාලක සිල්වා විසින් කරනු ලබයි. පසුගිය දා අත්සන් කළ මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවට අති විශාල ආර්ථීක වාසියක් හිමි වන බව ආචාර්ය නාලක සිල්වාගේ අදහසයි. එළැඹෙන අගෝස්තු මස "වෙළඳාම සහ රාජතාන්ත්‍රිකත්වය හමු වන ස්ථානය" යන තේමාව යටතේ පැවැත්වෙන අන්තර්ජාතික වෙළෙඳ හා ආර්ථීක රාජතාන්ත්‍රික සමුළුව කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. මෙය සංවිධානය කරනු ලබන්නේ GIBF ප්‍රමුඛ අන්තර්ජාතික ව්‍යාපාර මණ්ඩලය විසින් ICAPIFPO සහ AHC සමුහ ව්‍යාපාරය සමග ඒකාබද්ධවය. රටවල් 25 ක් නියෝජනය කරමින් නායකයන් සහ ව්‍යාපාරිකයන් එක් වන මෙය සුවිශේෂ අවස්ථාවකි. තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 25කට අධික පිරිසක් සහභාගි වන මෙය දැවැන්ත සමුළුවක් බව AHC සමූහ ව්‍යාපාරය අවධාරණය කරයි. මෙම සමුළුව ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර දොරටු විවර කරන බව ආචාර්ය නාලක සිල්වා පවසයි.

    Video Story

    Stock Market

    Exchange Rates