May, 5, 2026
තිරසර බැංකුකරණය වෙනුවෙන් බැංකුව දැක්වූ කැපවීමට සුවිශේෂී ගෞරවයක් ලබමින් ග්ලෝබල් ෆයිනෑන්ස් හයවන වාර්ෂික තිරසර මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව, චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ජයග්‍රාහකයා බවට පත් විය.
මෙම සම්මානය මගින් අගය කරනු ලබන්නේ ද්‍රව්‍ය හා සම්පත් නැවත භාවිතය සහ පුනර්ජනනය දිරිමත් කරන, පාරිසරික වශයෙන් තිරසර වූත්, දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී වූත් නිෂ්පාදන ආකෘති සඳහා සහය ලබා දෙන ආකාරයේ මූල්‍යකරණ මුලපිරීම් ඉදිරියට ගෙන යමින් ලබා දෙන නායකත්වය යි. මෙම වසරේ චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් අනෙක් කලාපවල ජයග්‍රාහකයින් අතර උතුරු ඇමෙරිකාවේ Scotiabank බැංකුව හා මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය සඳහා UVB බැංකුව ද සම්මාන ලැබීය.
පසුගිය දා ලන්ඩන් නගරයේ ලෑන්ඩින් 42 හි දී පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගත්තේ ය.
මෙම ජයග්‍රාහකයින් තෝරාගෙන ඇත්තේ, සමස්ත තිරසරභාවය සඳහා වන මූල්‍යකරණය, බැඳුම්කර නිකුතුවල විශිෂ්ටත්වය, ප්‍රජා සහයෝගය, සම්පත් කළමනාකරණය, විනිවිදභාවය හා වාර්තාකරණය, යටිතල පහසුකම් හා නැගී එන වෙලඳපලවල තිරසරභාවය වෙනුවෙන් අරමුදල් සැපයීම වැනි ක්ෂේත්‍ර අනුව බව සඟරාව පැවසීය.
කොමර්ෂල් බැංකුවේ හරිත මූල්‍යකරණ උපායමාර්ගය හරහා පරිසරයට කාබන් මුදාහැරීම අවම වන, දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී වූ හා පාරිසරික වශයෙන් ප්‍රයෝජනවත් ව්‍යාපෘති මුලපිරීම් වලට යොමු වීම සඳහා යහපාලනික පදනම සපයයි. මෙම උපායමාර්ගය ශ්‍රී ලංකා මහ බැංකුවේ හරිත මූල්‍ය වර්ගීකරණය, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මෙන් ම ශ්‍රී ලංකාවේ ජාතික නියාමන ප්‍රතිපත්ති වලට ද අනුකූල වේ. පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, climate-smart කෘෂිකර්මාන්තය, තිරසර ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ හරිත ගොඩනැගිලි ඇතුළු දේශගුණික ගැටළුවලට මැනිය හැකි ආකාරයේ බලපෑම් ඇති කළ හැකි විසඳුම් ලබා දෙන ව්‍යාපෘති හඳුනා ගැනීම, තක්සේරු කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා එමගින් මඟ පෙන්වයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් නිළධාරී කපිල හෙට්ටිහාමු මහතා බැංකුව වෙනුවෙන් සම්මානය ලබාගන්නා අයුරු
Video Story