September, 14, 2016
ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ශ්රී ලංකා මහ බැංකුවේ රජ්ය ණය දෙපාර්තමේන්තුව කියා සිටී.
මෙම වෙන්දේසියේ දී රුපියල් මිලියන 13,353 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි.
මෙහිදී දින 91 ක බිල්පත් සඳහා ලංසු අනුමත කිරීමක් සිදුව නොමැති අතර දින 182 හා දින 364 බිල්පත් සඳහා නියම වී ඇත්තේ පසුගිය සතියේ වෙන්දේසියේ දී නියම වූ පොළී අනුපාතිකයන්මය.
මේ පිලිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.