May, 12, 2026
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන Prime Group විසින් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පූර්ණ අනුග්‍රහය යටතේ සුවිශේෂී වැඩසටහනක් පවත්වන ලදි. මෙහි අරමුණ වූයේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට සම්බන්ධ නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කරවීමය.
මෙම වැඩසටහනට අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන් සියලු දෙනාම පාහේ සහභාගී වූහ. ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන සන්නිවේදනය, මහජන සම්බන්ධතා, නායකත්වය සහ අභිප්‍රේරණය වැනි මාතෘකා සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.
මෙම වැඩසටහන සඳහා අගමැති ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා සහ එම දිශාව භාර පොලිස් අධිකාරී සුමිත්‍ර ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් 320 දෙනෙක් පමණ එක්වූහ. වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා විශේෂයෙන්ම ජගත් විශාන්ත මහතාගෙන් සුවිශාල දායකත්වයක් ලැබුණු අතර, ඔහුගේ මෙහෙයවීම සහ සංවිධාන ශක්තිය කාගේත් ප්‍රශංසාවට ලක් විය.
Prime Group යනු කවදත් රටේ හා සමාජයේ යහපත වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙබඳු වැඩසටහන්වලට සුවිශාල දායකත්වයක් ලබාදෙන සමාගමකි. පෞද්ගලික අංශයේ සමාගමක් වුවද රාජ්‍ය පෞද්ගලික භේදයකින් තොරව මෙබඳු යහපත් ක්‍රියාවන් සඳහා අනුග්‍රහය ලබාදීමට එම සමාගම ආරම්භයේ පටන්ම කටයුතු කර තිබේ.
මෙම වැඩසටහන් මාලාව යටතේ මේ දක්වා අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය ඉලක්ක කරගෙන පැවැත්වූ වැඩසටහනට අමතරව නගරාධිපතිවරුන් සම්බන්ධ කරගෙන පැවැත්වූ වැඩසටහනක් සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් උදෙසා පළාත් සභා සහ පළාත් පාලන ආයතන සම්බන්ධ කරගෙන පැවැත්වූ වැඩසටහනක්ද පවත්වා ඇත. මෙම වැඩසටහන් සියල්ල බෙහෙවින් සාර්ථක වූ අතර, ඉදිරියටත් රාජ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන් මෙබඳු වැඩසටහන් රාශියක් පැවැත්වීමට Prime group සමාගම සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Prime සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවේ ආයතනයක් ලෙස Prime සමූහයේ සාර්ථකත්වයට නන් අයුරින් දායක වන ශ්‍රී ලාංකික සමාජයට කෘතගුණ දැක්වීමක් වශයෙන් මෙවැනි වැඩසටහන්වලට අනුග්‍රහය දැක්වීමට තමන් නිරන්තරයෙන් කටයුතු කරන බවයි.
“Prime යනු ජනතාවගේ විශ්වාසය දිනාගත්, ඒ විශ්වාසය තුළින් ගොඩනැඟුණු සමාගමක්. ඒ නිසා ජනතාවගේ යහපත වෙනුවෙන් සිදුකරන ක්‍රියාකාරකම්වලට අප කවදත් ප්‍රමුඛත්වය ලබාදෙනවා. රාජ්‍ය සේවය යනු ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධානතම යාන්ත්‍රණයක්. එහි උන්නතිය උදෙසා මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීම අතිශය කාලෝචිතයි කියා අප සිතනවා. ඒ සඳහා මෙලෙස දායක වීමට ලැබීම අපට මහත් සතුටක්.’ සඳමිණි පෙරේරා මහත්මය වැඩිදුරටත් පැවසීය.
Prime Group යනු මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ පාරිභෝගිකයන්ගේ හඬට සවන් දෙන, ඔවුන්ගේ යහපතට සෑම විටම මුල් තැන දෙන සමාගමකි. වසර 30 කට අධික පළපුරුද්දක් සමඟින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නොසැලෙන විශ්වාසය දිනූ නාමයක් බවට පත්වෙමින්, ඉඩම් අලෙවිය, නිවාස ඉදිකිරීම සහ සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති යන අංශ තුනෙන්ම ඉදිරියෙන්ම සිටීමට සමාගමට හැකි වී ඇත. මෙලෙස ව්‍යාපාරික වශයෙන් සාර්ථක වන අතරම, එම සාර්ථකත්වයට අවශ්‍ය පිටුබලය සපයන සමාජයට කෘතගුණ සැලකීමට Prime Group සමාගම කිසි විටෙකත් පසුබට නොවේ. සමාගමේ ආයතනික සමාජ වගකීම් ඉතිහාසය මෙවැනි සුවිශේෂී ව්‍යාපෘතිවලින් වර්ණවත් වී ඇත්තේ ඒ හේතුවෙනි. ඉදිරියටත් මෙවැනි වටිනා කර්තව්‍යයන්ට දායක වෙමින් රටේත් ජනතාවගේත් යහපත වෙනුවෙන් කැපවීම Prime සමූහයේ අරමුණ වී තිබේ.
Video Story