May, 18, 2026
Janashakthi Insurance PLC සමාගම 2026 අප්‍රේල් 20 දින සිට බලපැවැත්වෙන පරිදි එහි ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරුන් ලෙස හසිත ලියනගේ සහ හියු ටෙරී යන මහත්වරුන් පත්කර තිබේ.
හසිත ලියනගේ යනු ආයුගණක ක්ෂේත්රයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත ආයතනික මූල්‍ය සේවා වෘත්තිකයෙකි. ජීවිත රක්ෂණ, ක්‍රමෝපාය උපදේශන සහ ප්‍රාග්ධන වෙළඳපොළ යන අංශවල වසර 15 කට අධික පළපුරුද්දක් ඒ මහතා සතුය.
පසුගිය දශකයකට අධික කාලය තුළ ඒ මහතා ක්ෂේත්‍ර රැසක ඒකාබද්ධ කිරීම් හා අත්පත් කරගැනීම්, ප්‍රාග්ධන ව්‍යුහ ප්‍රශස්තකරණය, ශේෂපත්ර ප්‍රතිව්‍යුහගතකරණය සහ දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය යනාදිය සම්බන්ධයෙන් අධ්යක්ෂ මණ්ඩල, ප්‍රවර්ධකයන් සහ කොටස් හිමිකරුවන් ආදී පාර්ශ්ව ගණනාවක් වෙත උපදෙස් හා මඟපෙන්වීම් ලබා දී තිබේ.
ශ්‍රී ලංකාවේ Insight Services සමඟ එක් වී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ හසිත ලියනගේ මහතා Union Assurance PLC සහ Thai Life Insurance වැනි ප්‍රධාන පෙළේ සමාගම් වෙනුවෙන් ආයුගණක ආකෘති, තක්සේරුකරණ රාමු සහ ව්‍යාපාර සැලසුම් නිර්මාණය සඳහා දායක විය. ඉන් අනතුරුව එක්සත් රාජධානියේ AXA Life සමඟ එක් වූ ඒ මහතා සේවා මිලකරණය, වටිනාකම් ගණනය, ව්‍යවස්ථාපිත තක්සේරුකරණය සහ ද්‍රවශීලතා විශ්ලේෂණය වැනි අංශවලට සම්බන්ධ වී කටයුතු කළේය.
2013 වසරේදී ඒ මහතා සම නිර්මාතෘවරයෙකු වශයෙන් ශ්‍රී ලංකාව පදනම් කරගත් ක්‍රමෝපායික හා මූල්‍ය උපදේශන සමාගමක් වන Accede Capital සමාගම ආරම්භ කළ අතර, වර්තමානයේ එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි.
හසිත ලියනගේ මහතා එක්සත් රාජධානියේ University of Southampton වෙතින් ගණිතය හා ආයුගණක විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමිකරගෙන ඇත. පසුව Institute and Faculty of Actuaries Charitable Trust ශිෂ්‍යත්වයක් හිමිකරගත් ඒ මහතා ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ ආයුගණක උපදේශනය, සේවා මිලකරණය, ද්‍රවශීලතා විශ්ලේෂණය සහ මූල්‍ය ක්‍රමෝපාය යන ක්ෂේත්රවලට සම්බන්ධ වී කටයුතු කළේය.
ජීවිත රක්ෂණ, මූල්‍ය ක්‍රමෝපාය සහ උපදේශනය යන අංශ තුළ ඒ මහතා සතු අත්දැකීම් සම්භාරය සැලකිල්ලට ගනිමින් මෙම පත්වීම සිදුකර ඇති අතර, එමඟින් Janashakthi Life සමාගමේ ඉදිරි ගමනට නායකත්වය දෙන එහි අධ්යක්ෂ මණ්ඩලය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
හියු ටෙරී යනු ඩිජිටල් පරිවර්තනය, නවෝත්පාදනය සහ ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධයෙන් වසර 30 කට අධික ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ රක්ෂණ වෘත්තිකයෙකි. ලොව පුරා රක්ෂණ වෘත්තිකයන්ට සහ සමාගම්වලට තාක්ෂණය මත පදනම් වූ වෙනස්කම් සිදුකිරීම සඳහා සහය වන ගෝලීය වේදිකාවක් වන The Digital Insurer හි නිර්මාතෘවරයා වන ඒ මහතා එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කරයි.
වෘත්තියෙන් ආයුගණක නිලධාරියෙකු වන හියු ටෙරී මහතා රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක මෙහෙයුම්, උපදේශන සහ ව්‍යවසායකත්ව මට්ටම්වල තනතුරු දරා ඇත. වසර 25 කට වැඩි කාලයක් පුරා සිංගප්පූරුව පදනම් කරගනිමින් ඒ මහතා ආසියාවේ සහ අනෙකුත් ගෝලීය වෙළඳපොළවල රක්ෂණ සමාගම් සමඟ සමීපව කටයුතු කර තිබේ. ඒ මහතාගේ පත්වීම මඟින් රක්ෂණ, ඩිජිටල් සහ ජාත්‍යන්තර වෙළඳපොළ සම්බන්ධයෙන් Janashakthi Insurance PLC අධ්යක්ෂ මණ්ඩලය සතු විශේෂඥ දැනුම තවදුරටත් පුළුල් වනු ඇත.
මෙම පත්වීම් සමඟ Janashakthi Insurance PLC අධ්යක්ෂ මණ්ඩලයේ සභාපතිනි අනිකා සේනානායක, උප සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර්, අධ්යක්ෂ එස්. රෙන්ගනාදන්, අධ්යක්ෂ වරිනි ද කොස්තා, අධ්යක්ෂ රමේෂ් ෂාෆ්ටර්, අධ්යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල්, අධ්යක්ෂ ආචාර්ය ගෙහාන් ගුණතිලක, අධ්යක්ෂ දිලිප් ද එස් විජයරත්න, ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ හසිත ලියනගේ, ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ හියු ටෙරී සහ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ යන වෘත්තිකයන්ගෙන් සමන්විත වේ.
විවිධ අංශවල ප්රවීණයන්ගේ දැනුම හා පළපුරුද්ද උපයෝගී කරගනිමින්, නවෝත්පාදනය සහ අහියෝගවලට ඔරොත්තු දීම සඳහා රක්ෂණ ක්ෂේත්රය සතු හැකියාවන් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් Janashakthi Insurance PLC සමාගම අනුගමනය කරන ක්‍රමෝපාය මෙම පත්වීම් මඟින් මැනැවින් පිළිබිඹු වේ.
මෙම පත්කිරීම් පිළිබඳව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දැනුවත් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සම්බන්ධ ලිපිලේඛන ඉදිරියේදී ලැබීමට නියමිතය.
ඡායාරූපය :
Video Story