September, 15, 2016
බ්ලූ ඩයමන්ඩ්ස් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති හා සම කළමනාකාර අධ්යක්ෂ Xia Liqiang ගේ විධායක බලතල අත්හිටුවීමට 2016 සැප්තැම්බර් 13 වන දින පැවති අධ්යක්ෂ මණ්ඩල හමුවේ දී තීරණය කර තිබේ.
මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගමේ ලේකම්වරයා විසින් දන්වා ඇත.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් Xia Liqiang ට එරෙහිව සිදුකරනු ලබන පරීක්ෂණ හේතුවෙන් බ්ලූ ඩයමන්ඩ්ස් අධ්යක්ෂ මණ්ඩලය මෙම පියරව ගෙන ඇත.