May, 21, 2026
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 4.7% ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 මාර්තු මාසයේ දී මෙම අගය 2.4%ක් ලෙස වාර්තා වී තිබුණි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
මාර්තු මාසයේ දී 0.7% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේ දී 1.1% ක් දක්වා වැඩි වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, මාර්තු මාසයේ දී වාර්තා වූ 3.8% සිට මාර්තු මාසයේ දී 7.8%ක් දක්වා වැඩිවීම මෙලෙස ජාතික උද්ධමනය අප්‍රේල් මාසයේ දී ඉහළ යාමට විශාල වශයෙන් බලපා ඇත.
Video Story