May, 29, 2026
අද (29) උදෑසන වන විට එක්සත් ජනපද ඩොලරයෙහි ගැනුම් හා විකුණුම් මිල ගණන් හි ඉහළ යාමක් අඛණ්ඩව දෙවන දිනයටත් වාර්තා වී තිබේ.
පසුගිය අඟහරුවාදා (26) වන විට ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 318.32ක් හා රු. 328.69ක් දක්වා පහළ ගොස් තිබුණු අතර බදාදා (27) දිනයේ දී එම අගයයන් පිළිවෙලින් රු. 320.40ක් හා රු. 330.81ක් දක්වා ඉහළ යාමක් වාර්තා කර තිබුණි. ඉන්පසු අද වන විට එම අගයයන් රු. 324.45ක් හා රු. 334.24ක් දක්වා පිළිවෙලින් ඉහළ ගොස් ඇත.
පසුගිය සතිය ආරම්භයේ දී ශ්‍රී ලංකා රුපියල වෙත එල්ල වී තිබූ විනිමය පීඩනය හමුවේ මැයි 21 වන විට ඩොලරයේ ගැනුම් මිල රු. 342.63ක් දක්වා ත්, විකුණුම් මිල රු. 354.03ක් දක්වා ත් ඉහළ ගොස් තිබුණු අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුව ගන්නා ලද ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙසින් මැයි 25 වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 318.32ක් දක්වා ත් විකුණුම් මිල රු. 328.69ක් දක්වා ත් සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණි.

Video Story