June, 1, 2026
2026 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට සිදුකළ පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් දැරීමට සිදුව ඇති පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 161.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී.
මේ සමග 2026 පළමු මාස 04 තුළ පෞද්ගලික රථවාහන ආනයනය වෙනුවෙන් දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 621.1ක් වන අතර එය 2025 වසරේ පළමු මාස 04 හි පෞද්ගලික රථවාහන වියදම වූ ඩොලර් මිලියන 141.8 හා සැසඳීමේ දී 338.1% ක් ඉහළ යාමකි.
මේ අතර ඩොලර් මිලියන 47ක වටිනාකමකින් යුතු වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ප්‍රමාණයක් 2026 අප්‍රේල් මාසය තුළ ආනයන කර ඇති අතර ඒ අනුව 2026 මුල් මාස 04 තුළ ඩොලර් මිලියන 200.2ක වියදමක් වාණිජ වාහන ආනයන වෙනුවෙන් දරා ඇත.
මේ අනුව පෞද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයන වියදම 2026 වසරේ අප්‍රේල් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 208ක් වූ අතර, එමගින්, 2026 වසරේ ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී මුළු වාහන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 821ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story