ශ්රී ලංකාවේ විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස, මෙගාවොට් 160ක සමස්ත ධාරිතාවයකින් යුත් Battery Energy Storage System (BESS) ව්යාපෘතිය යටතේ WindForce PLC විසින් ගෙන්වන ලද බැටරි ගබඩා පද්ධති 6ක් පසුගිය (30) දා අලුයම කොළඹ වරායට ළඟා විය.
2025 ජූලි මාසයේදී ජාත්යන්තර තරඟකාරී ටෙන්ඩර් ක්රියාවලියක් මගින් මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් BESS පද්ධති 16ක් සඳහා ව්යාපෘති පිරිනමා තිබූ අතර, මෙම පද්ධති මහව, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චිය, අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්රදේශවල විදුලිබල සම්ප්රේෂණ උපපොළ ආසන්නයේ ස්ථාපිත කිරීමට නියමිතය.
එක් පද්ධතියකට දිවා කාලයේදී මෙගාවොට් 40ක විදුලි ශක්තිය ගබඩා කළ හැකි අතර, රාත්රී කාලයේ උපරිම ඉල්ලුම පවතින අවස්ථාවලදී මෙගාවොට් 10ක විදුලිය ජාතික ජාලයට මුදා හැරීමට හැකියාව ඇත. මෙම පද්ධති හයෙන් ලැබෙන සමස්ත ධාරිතාව මෙගාවොට් 60කි.
BESS පද්ධති පාලනය සහ කළමනාකරණය බලශක්ති අමාත්යාංශයට අයත් National System Operator (NSO) සමාගම විසින් සිදුකරන අතර, නඩත්තු කටයුතු අදාළ සමාගම් වෙත පැවරේ.
රුපියල් බිලියන 40කට අධික ආයෝජනයකින් ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය වර්ධනය කිරීම සහ පාරිභෝගිකයන්ට අඩු පිරිවැයකින් විදුලිය සැපයීම අපේක්ෂා කෙරේ.
දැනට ඉන්ධන මගින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන රුපියල් 115ක පමණ පිරිවැය, BESS තාක්ෂණය හරහා රුපියල් 30 දක්වා අඩු කළ හැකි බව සඳහන් වන අතර, ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනය සඳහා මාසිකව වැය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.6ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ද මෙම ව්යාපෘතිය දායක වනු ඇත.
(ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් තබන ලද සමාජ මාධ්‍ය සටහනකින් උපුටා ගන්නා ලදී.)