විදේශයක සිට ආධාර ලෙස ශ්‍රී ලංකාවට මුදල් එවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්නයක් ද?

    June, 2, 2026

    නීත්‍යානුකූලව උපාය ගන්නා ලද මුදල් විදේශයක සිට මෙරට බැංකුවක් වෙත එවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් අයෙකුගෙන් කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. විදෙස්ගතව සිටින්නෙකු ශ්‍රී ලංකාවට ආධාර ලෙස මුදල් එවීම මූල්‍ය අරමුදලට ප්‍රශ්නයක් ද, යනුවෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

    ඊයේ (01) විකාශය වූ දෙරණ 360 සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    “ඕනෑම කෙනෙක් යම්කිසි මුදලක් ලංකාවට එවන කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. රටේ තියෙනවා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් නීති පද්ධතියක්. ඒ යටතේ බැංකුවකට මුදල් එවනවා නම් යම්කිසි කෙනෙක් විදේශයක ඉඳලා, ඒක ඕනෑම රටක තියෙන දෙයක් දැන්, ඒ එවන කොට එවන්නේ මොන source එකෙන් මොකක්ද, හරියටම බැංකුවෙන් බැංකුවට එනවාද, ඒක IMF එකත් එක්ක සම්බන්ධයක් නැහැ, අපේ AML/ CFT කියන Money laundering වළක්වා ගැනීම සඳහා ලෝකයේ තියන නීති පද්ධතිය ඇතුළත, ඕනම රටක් ඉඳන් අනෙක් රටකට මුදල් එවන කොට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. යම්කිසි නීත්‍යානුකූලව උපයාගත්ත මුදලක්, බැංකුවක් හරහා ශ්‍රී ලංකා වේ බැංකුවකට එවන්න කිසිම බාධාවක් නැහැ. එවන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්වත් කාගෙන්වත් බාධාවක් නැහැ.“

    Video Story

    Stock Market

    Exchange Rates