June, 2, 2026
විදේශ විනිමය හමුවේ ශ්‍රී ලංකා රුපියල යළිත් වරක් අවප්‍රමාණය වන ස්වභාවයක් පෙන්නුම් කරමින් තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 326.75ක් ලෙසත් විකුණුම් මිල රු. 336.60ක් ලෙසත් වාර්තා වී ඇත.
පසුගිය සිකුරාදා (29) ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 324.45ක් හා රු. 334.24ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර ඊයේ (01) දිනයේ දී එම අගයයන් පිළිවෙලින් රු. 325.97ක් හා රු. 335.70ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
Video Story