September, 19, 2016
පසුගිය සැප්තැම්බර් 02 සිට 04 දක්වා මැලේසියාවේ ක්වාලාලුම්පූර් නුවර Putra ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පැවති MATTA සංචාරක ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය එක්විය. මේ සඳහා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ද සහාය ලැබී තිබේ.
මෙය මැලේසියාවේ පැවැත්වෙන විශාලතම සංචාරක ප්‍රදර්ශනය වන අතර, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් (visitors) මේ සඳහා සහභාගී වී ඇත.
මෙම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා කුටිය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා විසින් විවෘත කරනු ලැබූ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉබ්රාහිම් අන්සාර් ඇතුළු පිරිසක් මේ සඳහා එක්විය.