“ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන්” කෘෂි කාර්මික විප්ලවයේ නව පරිච්ජේදයකට පිවිසෙයි

    June, 4, 2026

    ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් ( Green Eco Plantation ) මව් සමාගම යටතේ ක්‍රියාත්මක ග්‍රීන් ඉකෝ ෆුඩ් ප්‍රඩක්ට්ස් ( පුද් ) සමාගමේ නවතම නිෂ්පාදනාගාරය පසුගියදා (28) කඩුවෙලදී ඉතා උත්කර්ෂවත් ලෙස විවෘත විය.

    කුළුබඩු සහ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන, නවීන යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සෞඛ්‍යාරක්ෂිතව සහ ගුණාත්මකව ෆුඩ් ප්‍රොසෙසින් හැන්ඩ්ලින් ( Food Processing Handling ) ක්‍රියාවලිය යටතේ ඉතා සාධාරණ මිලකට වෙළෙඳ පොළට හඳුන්වාදීම සඳහා මෙම නවීන නිෂ්පාදනාගාරය මෙතැන් පටන් සිය කටයුතු ආරම්භ කරනු ඇත.

    දිවයින පුරා විහිදුණු අක්කර සිය ගණනක් වූ සමාගමට අයත් වතුවල අස්වැන්න මෙන්ම ගොවීන්ගෙන් ඉතා සාධාරණ මිලකට ඔවුන් අසලටම ගොස් ලබා ගන්නා, උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් එහි නැවුම් බව සුරැකෙන අයුරින් පාරිභෝගිකයා අතට සිය නිෂ්පාදන පත්කිරීම මෙම නව කර්මාන්ත ශාලාවේ ආරම්භ කිරීමේ මූලික අරමුණ වූ බව ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් හි සභාපති සනත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

    සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන උපුල් මහතා කියා සිටියේ,තම සමාගමේ විශ්වාසය වනුයේ, කෘෂිකර්මාන්තයේ අනාගතය මෙන්ම, ඒ සඳහා වටිනාකම් එකතු කිරීම, නවෝත්පාදනය සහ සමාජයට මෙන්ම අනාගත පරම්පරාව සඳහාද අවස්ථාවන් නිර්මාණය කරදීම බවය.

    නව කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් (පෞද් ) සමාගමේ සභාපති සනත් චන්ද්‍රසිරි මහතා සහ එම මැතිනිය,ප්‍රධාන විධායක නිලධාරී, චන්දන උපුල්, අමල් වාදසිංහ ( උපදේශක/ආහාර), සනත් ගුණවර්ධන (ජ්‍යෙෂ්ඨ කළමනාකාර / කර්මාන්තශාලා ), උදාන බණ්ඩාර ( නීතිඥ )
    නන්දන ගුණතිලක (කළමනාකාර/දේපොළ වෙළඳාම්) ,කේ.පී.ජයසිංහ (සහකාර සාමාන්‍යධිකාරී /ආයෝජන) යන මහත්ම මහත්මීන් ඇතුළු එහි ප්‍රධාන සමාගමට අයත් සහ අනුබද්ධ ආයතනයන්හි සේවක සේවිකාවන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

    හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවී කටයුතු කරන ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් (පෞද්) සමාගම වසර ගණනාවක් තිස්සේ දෙස්,විදෙස් පාරිභෝගික විශ්වාසය ඉතා ඉහළින්ම දිනාගත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමකි