රජවක වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හරහා HUTCH සමාගම සිය ESG කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි

    June, 4, 2026

    බලන්ගොඩ රජවක වන රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, HUTCH Sri Lanka සමාගම පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් වන සිය කැපවීම යළිත් තහවුරු කර ඇත. ‘ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය’ (Rainforest Protectors Sri Lanka) සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මෙවර ක්‍රියාත්මක වූයේ තෙවන වරටයි.

    මෙම අදියර යටතේ, රජවක වන රක්ෂිතයට අයත් හානියට ලක් වූ වනාන්තර ඉඩම් අක්කර භාගයක භූමි ප්‍රමාණයක් පුරා දේශීය ශාක පැළෑටි 500කට ආසන්න ප්‍රමාණයක් රෝපණය කිරීමට පියවර ගැනුණි. මෙලෙස දේශීය ශාක විශේෂ තෝරාගැනීමේ මූලික අරමුණ වන්නේ ස්වාභාවික වනාන්තර ව්‍යුහය නැවත ගොඩනැඟීම, ජීවී පරිසර පද්ධතිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ කලාපීය ජෛව විවිධත්වය සුරැකීමට දායක වීමයි. ආයතනික සංස්කෘතිය තුළ තිරසාරත්වය දෛනික පුරුද්දක් බවට පත්කිරීමට HUTCH සමාගම ගන්නා උත්සාහය මැනවින් පිළිබිඹු කරමින්, මෙවර ද සමාගමේ කාර්ය මණ්ඩලය මේ සඳහා සම්බන්ද විය.

    මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ජාතික තිරසාර අරමුණක් වන කාබන් මධ්‍යස්ථ රටක් බවට 2050 වසරේ දී පත්කිරීමට යන ගමනට අත්වැලක් සපයයි. මෙම පසුබිම තුළ , Global Fortune 500හී ප්‍රමුඛ පෙළේ මව් සමාගමක් වන CK Hutchison Holdings හි අනුබද්ධිත ආයතනයක් ලෙස HUTCH සමාගම මෙරට ව්‍යාපාර සහ ප්‍රජාවන් වෙත සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් උදාකර දෙමින්, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

    මීට අමතරව, පුනර්ජනනීය බලශක්ති භාවිතය, චක්‍රීය ආර්ථික සංකල්පය සහිත සිල්ලර වෙළඳසැල් හඳුන්වාදීම, e-SIM ප්‍රවර්ධනය, නැවත වනාන්තර තුළ වගා කිරීමේ වැඩසටහන් සහ අපද්‍රව්‍ය කළමනාකරණ සහ පවිත්‍රතා ව්‍යාපෘති ඇතුළු හරිත මුලපිරීම් රැසක් ඔස්සේ HUTCH සමාගම ESG දර්ශකය ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතී. මෙම සියලු ක්‍රියාමාර්ග රටේ තිරසාර අනාගතයක් කරා වන සංක්‍රාන්තිය වඩාත් දිරිමත් කිරීමට සමත් වී ඇත.

    මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් HUTCH Sri Lanka සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා ප්‍රකාශ කළේ, "ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය සමඟ අප ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, අපගේ මව් සමාගම වන CK Hutchison Holdings හි ESG ප්‍රතිපත්තියට අනුකූලව පාරිසරික භාරකාරත්වය සහ දේශගුණික වෙනස්වීම්වලට ඔරොත්තු දීමේ හැකියාව වෙනුවෙන් HUTCH සමාගම දක්වන අඛණ්ඩ කැපවීමට මෙය සාක්ෂියක් බවයි. මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න සහ යහපත් ජීවනෝපාය උදෙසා මෙරට පරිසර පද්ධතීන් සුරක්ෂිත කිරීමට නම් අප අද දවසේ ගන්නා තීරණ සහ ක්‍රියාමාර්ග අතිශය තීරණාත්මක වන බව අප දැඩිව විශ්වාස කරනවා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.