June, 5, 2026
එක්සත් රාජධානියේ වඩාත්ම ගෞරවණීය විශ්වවිද්‍යාලවලින් එකක් වන Goldsmiths, University of London ගෝලීය මට්ටමේ බ්‍රිතාන්‍ය උපාධි පාඨමාලා පෙළක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා BCAS Campus සමඟ හවුල්කාරිත්වයකට එළඹ ඇත.
ලන්ඩන් විශිෂ්ඨතම විශ්වවිද්‍යාල 10 අතරට ශ්‍රේණිගත වී ඇති (Complete University Guide 2027) සහ මේ වසරේදී සිය 120 වැනි සංවත්සරය සමරන Goldsmiths University, ලන්ඩන් විශ්වවිද්‍යාලයට (University of London) අයත් ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයකි. එමඟින්, ලොව සීමිත විශ්වවිද්‍යාල කිහිපයකට පමණක් හිමි වන සුවිශේෂී ජාත්‍යන්තර පිළිගැනීමක් ඊට හිමිකර දී ඇත මෙම අනුබද්ධතාවය හරහා ශ්‍රී ලාංකේය සිසුන්ට පරිගණක විද්‍යාව (Computer Science), ව්‍යාපාර කළමනාකරණය (Business Management), මනෝවිද්‍යාව (Psychology) සහ නීතිය (Law) යන ක්ෂේත්‍රයන්ගෙන් ගෝලීය වශයෙන් පිළිගත් උපාධි පාඨමාලා, BCAS කැම්පස් හරහා මෙරටේදීම හැදෑරීමේ සෘජු අවස්ථාව උදාවේ.
ආයතන ද්විත්වයේම ජ්‍යෙෂ්ඨ නායකත්වයේ සහභාගීත්වයෙන් යුතුව, මෙම ගිවිසුම 2026 ජූනි මස 3 වැනිදා ලන්ඩන් හී පිහිටි Goldsmiths University පරිශ්‍රයේදී අත්සන් තබන ලදී. මේ සඳහා Goldsmiths University නියෝජනය කරමින් එහි උපකුලපති මහාචාර්ය ඩේවිඩ් ඔස්වෙල් (David Oswell) සහ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඇනබෙල් කියර්නන් (Annabel Kiernan) යන මහත්ම මහත්මීන්ද, BCAS Campus වෙනුවෙන් එහි සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා (Rajendra Theagarajah) මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ටෙරේෂ් අමරතුංග (Teresh Amaratunga)මහතා ද සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ Goldsmiths ආයතනයේ උපකුලපති මහාචාර්ය ඩේවිඩ් ඔස්වෙල් මහතා මෙසේ පැවසීය:
"BCAS කැම්පස් සමඟ මෙම හවුල්කාරිත්වය නිල වශයෙන් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙම ගිවිසුම මඟින් අධ්‍යාපනික ගුණාත්මකභාවය, ශිෂ්‍යයන්ගේ සාර්ථකත්වය සහ ගෝලීය අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම වෙනුවෙන් අප සතු කැපවීම මැනවින් පිළිඹිබු කරනවා. ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාවේ සිසුන්ට Goldsmiths උපාධි ලබා ගැනීමට අතහිත දීමට සහ ශක්තිමත් මෙන්ම තිරසාර හවුල්කාරිත්වයක් ගොඩනැගීමට අප බලාපොරොත්තු වෙනවා."
BCAS Campus යනු ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වසර 27 කට අධික පළපුරුද්දක් ඇති, කොළඹ, නුවර, යාපනය සහ කල්මුණේ යන නගරවල සිය ශාඛා පවත්වාගෙන යමින් දිවයින පුරා සිටින සිසුන්ට ජාත්‍යන්තරව අනුබද්ධිත උපාධී පිරිනැමීමේ දිගුකාලීන ඉතිහාසයක් ඇති ආයතනයකි.
මෙම නව හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් BCAS කැම්පස් හි ප්‍රධාන විධායක නිලධාරී ටෙරේෂ් අමරතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේය:
"මෙය BCAS කැම්පස් හි සැමට මෙන්ම, මව්බිමෙන් බැහැර නොවී ගෝලීය මට්ටමේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන සුදුසුකමක් ලබා ගැනීමට නිරන්තරයෙන් සිහින මැවූ ශ්‍රී ලාංකේය සිසුන්ට ඉතා ආඩම්බරකාරී මොහොතක්. මෙම පාඨමාලා පෙළ හඳුන්වා දීම තුළින් ශ්‍රී ලාංකේය සිසුන්ට ගෝලීය තලයේ තමන්ගේම සලකුණක් තැබීමට මනා පිටුවහලක් ලැබෙනු ඇතැයි අපට විශ්වාසයි."
2026 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත සමාරම්භක කණ්ඩායම (Inaugural batch) සඳහා සිසුන් ලියාපදිංචි කර ගැනීම මේ වන විට සිදුවේ.
Video Story