September, 19, 2016
2016 සැප්තැම්බර් 15 දක්වා වසරේ මෙම කාලය තුළ දී ස්ටර්ලිං පවුමට එරෙහිව ශ්රී ලංකා රුපියල 10.6% කින් අධිප්රමාණය වී තිබෙන බව ශ්රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික විග්රහයේ සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම වකවානුව තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ 1.1% කින්, ජපාන යෙන් ට සාපේක්ෂව 16.1% කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව 0.4% කින් හා යුරෝ ට සාපේක්ෂව 3.9% කින් මෙරට රුපියල් අවප්රමාණය වී ඇති බව එහි වැඩිදුරටත් වාර්තා වේ.