June, 8, 2026
සෙලාන් බැංකුව විදුලි රථවාහන මිලදීගන්නා පාරිභෝගිකයන්ට සුවිශේෂී ලීසිං පහසුකම් පිරිනැමීම සඳහා Hayleys Fentons Limited සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙය රට තුළ පරිසර හිතකාමී ගමනාගමන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයෙහි තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.
මෙම හවුල්කාරීත්වය යටතේ Hayleys Fentons Limited වෙතින් JAECOO, OMODA, KAIYI සහ SRM රථවාහන මිලදීගන්නා පාරිභෝගිකයන්ට තරගකාරී පොලී අනුපාත, ආපසු ගෙවීම සඳහා වසර 7 ක් දක්වා කාලයක් සහ පැය 24 ක් ඇතුළත අනුමැතිය ලබාදීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත.
පාරිභෝගිකයන්ට රථවාහන සඳහා වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන අතරම රට තුළ පරිසර හිතකාමී ගමනාගමනය සම්බන්ධයෙන් පවතින නැඹුරුව තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි. මේ වන විට විදුලි රථවාහන සඳහා රට තුළ පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, මෙම හවුල්කාරීත්වය හරහා ලබාදෙන නම්‍යශීලී ලීසිං පහසුකම් හේතුවෙන් පාරිභෝගිකයන්ට විදුලි රථවාහන මිලදී ගැනීම තවදුරටත් පහසු වනු ඇත.
“මෙම හවුල්කාරීත්වය පරිසර හිතකාමී මූල්‍ය පහසුකම් පුළුල් කරන අතරම ගනුදෙනුකරුවන්ට ඉහළ ප්‍රතිලාභ සමඟින් උපරිම පහසුවක් පිරිනැමීම සඳහා අප දරන නිරන්තර උත්සාහය මැනැවින් පිළිබිඹු කරනවා. ඉදිරියටත් මෙලෙසින්ම නැගී එන ජීවන රටා සහ ගමනාගමන ප්‍රවණතාවන්ට ගැළපෙන නව්‍ය මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට අප සූදානම්.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) යූජීන් සෙනෙවිරත්න මහතා පැවසීය.
මේ අතර හේලීස් සමූහ ව්‍යාපාරයේ (Hayleys PLC) කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක මහතා පැවසුවේ සෙලාන් බැංකුව සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, උසස් තත්වයේ ප්‍රවාහන විසඳුම්, ආකර්ෂණීය මූල්‍ය පහසුකම් සහ කාර්යක්ෂම සේවාවක් යන සාධක ඒකාබද්ධ කිරීම තුළින් රටේ වැඩි පිරිසකට ඉහළම තත්වයේ විදුලි වාහන මිලදී ගැනීමට අවස්ථාව හිමි කර දෙන සුවිශේෂී පියවරක් බවයි.
මෙම එකඟතාවේ කොටසක් වශයෙන් පාරිභෝගිකයන්ට ලීසිං පහසුකම් සඳහා පූර්ණ මගපෙන්වීමක් ලබාදීමට සෙලාන් බැංකුවේ ලීසිං සේවා කණ්ඩායම සූදානමින් සිටිති. මෙම ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීම සඳහා පාරිභෝගිකයන් වෙතටම පැමිණ සේවාව ලබාදීම දීමට එම කණ්ඩායම කටයුතු කරනු ඇත. එමෙන්ම දිවයින පුරා පිහිටි සෙලාන් බැංකු ශාඛාවලින් පාරිභෝගිකයන්ට ලිපිලේඛන සහ අනුමැතිය සඳහා මෙන්ම ලීසිං අනුමත වීමෙන් පසු සිදු කළ යුතු කටයුතු සඳහා පූර්ණ මඟපෙන්වීමක්ද හිමි වේ. මේ නිසා සමස්ත ලීසිං ක්‍රියාවලිය පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් සහ ප්‍රසන්න අත්දැකීමක් වනු නිසැකය.
මෙම හවුල්කාරීත්වය, මෙරට මූල්‍ය ක්ෂේත්‍රයට විවිධ නවෝත්පාදන හඳුන්වා දෙන අතරම රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය වඩාත් පරිසර හිතකාමී හා තිරසාර ක්ෂේත්‍රයක් බවට පත්කිරීම සඳහා සෙලාන් බැංකුව දරන අඛණ්ඩව උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.
වැඩිදුර තොරතුරු සඳහා 011 200 88 88 ඔස්සේ සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.
ඡායාරූප විස්තතරය - සෙලාන් බැංකුවේ සහ Hayleys Fentons Limited හි නියෝජිතයින් පාරිභෝගික සේවය සහ පාරිසරික තිරසාරත්වය සඳහා නොසැලෙන කැපවීම යළි තහවුරු කරමින් හවුල්කාරීත්ව ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව
Video Story