Lenovo 360 Accelerate 2026 හී දී IT Gallery Computers සමාගම Distributor Excellence Award 2025–2026 | Gaming & Visual Sri Lanka සම්මානයෙන් පිදුම් ලබයි

    June, 8, 2026

    මෙරට තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන IT Gallery (Pvt) Ltd පසුගිය දා පැවැති Lenovo 360 Accelerate 2026 ජාත්‍යන්තර සමුළුවේ දී  ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍රීඩා (Gaming) සහ දෘශ්‍ය තාක්ෂණික (Visual) ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා දක්වන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් 'Distributor Excellence Award 2025–2026 | Gaming & Visual Sri Lanka'  සම්මානයෙන් පිදුම් ලැබීය. දීර්ඝ කාලයක් පුරා  Lenovo සන්නාමය සහ IT Gallery Computers සමාගම අතර පවත්නා  සහයෝගීතාවයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක්  මෙමඟින් සනිටුහන් වේ.

    පරිගණක ක්‍රීඩා (Gaming), නිර්මාණකරණ උපාංග (Creator devices) සහ දෘශ්‍ය පරිගණක විසඳුම් (Visual computing solutions) වැනි වේගයෙන්  වර්ධනය වන තාක්ෂණික ක්ෂේත්‍රයන් තුළ Lenovo සන්නාමයේ දේශීය වෙළෙඳපල තවදුරටත්  පුළුල් කිරීම සඳහා  IT Gallery Computers (Pvt) Ltd ඉටුකළ සුවිශේෂී මෙහෙය මෙම සම්මානය ඔස්සේ විශේෂ  ඇගයීමකට ලක් විය. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) පද්ධතියේ  සවිමත් වෙළෙඳ සබඳතා ගොඩනඟමින්  වෙළෙඳපල ප්‍රවර්ධනයට සහ පාරිභෝගික විශ්වාසය දිනාගැනීමට සමාගම විසින් දැරූ අඛණ්ඩ උත්සාහය මෙම ඇගයීම ඔස්සේ මැනවින් ඉස්මතු විය.

    දිගු කාලපරිච්ඡේදයක් පුරාවට  දිවයින පුරා විහිදුණු සිය සවිමත් අලෙවි නියෝජිත ජාලය ඔස්සේ  Lenovo හි ඉහළම ගණයේ තාක්ෂණික නිෂ්පාදන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත සමීප කිරීමට IT Gallery Computers සමාගම පුරෝගාමීව කටයුතු  කර තිබේ.  අලෙවි නියෝජිතයන්ගේ වෘත්තීය සංවර්ධනය උදෙසා සමාගම විසින් සිදුකළ ආයෝජනයන්, සන්නාම ප්‍රවර්ධන වැඩසටහන් සහ පාරිභෝගික කේන්ද්‍රීය මුලපිරීම් ඔස්සේ පරිගණක ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් දක්වන  පිරිස, වෘත්තීය නිර්මාණකරුවන්, අධ්‍යාපන ආයතන මෙන්ම ආයතනික පාරිභෝගිකයන් අතර ද මෙම නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම වේගයෙන් වර්ධනය වී ඇත.

    IT Gallery Computers සමාගම විසින් ශ්‍රී ලංකාවේ Lenovo Gaming & Visual නිෂ්පාදන ශක්තිමත් කරමින්, Lenovo Legion සහ LOQ පරිගණක ක්‍රීඩා උපාංග, Lenovo Legion Gaming මොනිටර මෙන්ම නිර්මාණකරුවන් සහ වෘත්තිකයන් සඳහා වන Lenovo ThinkVision මොනිටර ද මෙරට වෙළෙඳපල වෙත හඳුන්වා දී ඇත. තව ද, පාරිභෝගික  සහ විවිධ වෙළෙඳපල අවශ්‍යතාවන් ඉලක්ක කරගනිමින්, අඟල් 16 සිට අඟල් 49 දක්වා  ප්‍රමාණවලින් යුත් Full HD 1080P, 4K, OLED සහ Curved  තිර සහිත පුළුල් පරාසයක Lenovo මොනිටර සහ Display විසඳුම් රැසක්  ද සමාගම විසින් ලබා දී තිබේ.

    IT Gallery Computers සමාගම සතු සමස්ත ව්‍යාපාරික ජාලයේම සාමූහිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හැඳින්විය හැකිය. මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙත ළඟා වීම වෙනුවෙන්  නොමඳ සහයෝගයක් දැක්වූ සිය අලෙවි නියෝජිතයන්, පාරිභෝගිකයන් සහ සමාගමේ  කාර්ය මණ්ඩලය වෙත IT Gallery Computers සිය ගෞරව ප්‍රණාමය  පිරිනමයි.එමෙන්ම  එය  විශ්වාසය සහ දිගුකාලීන සහයෝගීතාව මත ගොඩනැඟුණු පොදු ජයග්‍රහණයක් ලෙස ඔවුන් අවධාරණය කරයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් IT Gallery Computers (Pvt) Ltd. හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මෙම ඇගයීම IT Gallery Computers  සමාගමට පමණක් ලැබුණු සම්මානයක් නොව, මෙය අපගේ වටිනා ව්‍යාපාරික හවුල්කරුවන්, පාරිභෝගිකයන් සහ Lenovo කණ්ඩායම සමඟ එක්ව ලබාගත් පොදු ජයග්‍රහණයක්. අපි නිරන්තරයෙන්ම නවෝත්පාදනයන් මුල් කරගනිමින්  පරිගණක ක්‍රීඩා සහ නිර්මාණකරණ ක්ෂේත්‍රයේ නිරත වී සිටින පිරිස  සවිබල ගැන්වීමටත්, ගෝලීය මට්ටමේ තාක්ෂණික අත්දැකීම් ශ්‍රී ලංකාවට පිරිනැමීමටත්  කැපවී සිටිනවා. අප සියලුදෙනාගේ සහයෝගීත්වයෙන් මෙරට Gaming, AI සහ දෘශ්‍ය තාක්ෂණයේ (Visual technologies) අනාගතය සාර්ථකව ගොඩනැගීමට හැකි  බව මම විශ්වාස කරනවා.”

    මෙරට   ඩිජිටල් ක්ෂේත්‍රය  ඉතා වේගවත්ව පරිවර්තනය වෙමින් පවතින පසුබිමක Gaming, AI, Streaming, Graphics Design සහ නිර්මාණකරණ කර්මාන්තයන් සඳහා අවශ්‍ය නවතම පරම්පරාවේ තාක්ෂණය හඳුන්වා දීම පිළිබඳව  IT Gallery Computers  සැම විටම සිය  අවධානය යොමු කරයි.  Lenovo හි ගෝලීය නවෝත්පාදනයන් සමඟ අත්වැල් බැඳගනිමින් අනාගතයට ගැළපෙන තාක්ෂණික විසඳුම් පිරිනැමීමට සහ රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) පද්ධතිය ශක්තිමත් කිරීමට සමාගම සතු කැපවීම මෙයින් තහවුරු වේ.

    IT Gallery Computers (Pvt) Ltd. සමාගමේ ප්‍රධාන අරමුණ වන්නේ, අනාගතයේ දී ද සිය අලෙවි නියෝජිත සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින්, මෙරට තාක්ෂණික ක්ෂේත්‍රයේ වර්ධනය පුළුල් කිරීම සහ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරවලට ද වඩාත් උසස් මට්ටමේ තාක්ෂණික අත්දැකීම් (Immersive technology experiences) විඳගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම වේ.