September, 21, 2016
ඉන්දුනීසියාවේ The National Train Industry (INKA) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 70 ක වටිනාකමකින් යුතු ඉලෙක්ට්‍රික් ඩීසල් දුම්රිය අපනයනය සඳහා සූදානම් කර ඇතැයි වාර්තා වේ. ජකර්තා හි TEMPO.CO පුවත් සේවය මේ බව වාර්තා කර සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් The National Train Industry හි මූල්‍ය හා මානව සම්පත් කළමනාකරණ අධ්යක්ෂ Mohamad Nur Sodiq පවසන්නේ අග්නිදිග ආසියානු කලාපය තුළ නව අපනයන වෙළෙඳපොළක් බවට ශ්‍රී ලංකාව මේ සමඟින් පත්ව ඇති බවයි.