අයිඩියල් අභියෝගය 10 වැනි අදියර සාර්ථකව නිමාවට පත්වේ

    June, 9, 2026

    ශ්‍රී ලංකාවේ රථ වාහන ක්ෂේත්‍රයේ දැවැත්තම සන්නාමයක් වන අයිඩියල් මෝටර්ස් සමාගම විසින් සමාජ සත්කාර අතින් ඉහළින්ම සිදුකරනු ලබන අයිඩියල් අභියෝගය 10 වැනි අදියර පසුගියදා හබරණ මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් අති සාඅර්ථකව පැවැත්විණි .

    අයිඩියල් අභියෝගය වැඩ සටහන තුළ පාසල් පදනම් වූ කාර්මික පුහුණු වැඩසටහන් අවසානයේ පාසලේ  කාර්මික අංශය වෙනුවෙන් මහීන්ද්‍රා එන්ජිමක් සහ කාර්මික උපකරණ පරිත්‍යාගයද සිදුවිය .
    එසේම ideal singing challenge වැඩසටහන තුලදී කැකිරාව සහ හිගුරක්ගොඩ අධ්‍යාපන කලාප තුළ පාසල් තුලින් ගීත ගායනයට දක්ෂ දරුවන් සොයා දක්ෂතම දරුවෙකු වෙත අනාගත අවස්ථාව නිර්මාණය කරදීමත් සිදුවිය.
    මහීන්ද්‍රා බොලෙරෝ  පාරිභෝගිකයන් සඳහා වෙන්වූ මහීන්ද්‍ර බොලෙරෝ off Road තරගය කාගේත් සිත් ගත් අංගයක් විය .
    වැඩසටහන් සියල්ල අවසානයේ නොමිලේ පැවැත්වූ සංගීත ප්‍රසංගය සදහා අතිමහත් ජන ගගක් සහභාගි වූ අතර එයින්ම මෙම වැඩසටහනේ සාර්ථකත්වය සනාථ විය .

    අයිඩියල්  අභියෝගය වැඩසටහනේ නිර්මාතෘ අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපති නලීන් වෙල්ගම මහතා සිය සමාගම මෙතෙක් පැමිණි ගමන් මඟ, අයිඩියල් අභියෝගය වැඩසටහන පිළිබඳ මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති 'අයිඩියල් සෙවන' වැඩසටහන පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.

    "අපි 2009දී මහීන්ද්‍ර සමාගමත් සමග සම්බන්ධ වුණාට පස්සේ ලොකු පෙරළියක් සිදුකොට තිබෙනවා. ඒ පෙරලිය සිදු කරන්නට හැකි වී තිබෙන්නේ වාහනය අලෙවියෙන්  පසු පාරිභෝගිකයන් සමඟ අලුත් ගමනක් ආරම්භ කිරීම හරහායි. හැමදේටම කොළඹ දුවන යුගය අපි වෙනස් කළා. අපි හොඳ අලෙවියක් සහ අලෙවියෙන් පසු සේවයක් ලබා දුන් නිසා මට නිතරම මහීන්ද්‍රා සමාගම ආරාධනා කළා ඉන්දියානු සංචාර සඳහා සම්බන්ධ වී නව තාක්ෂණය සහ අලුත් අත්දැකීම් ලබා එය මෙරට ජනතාව⁣ටත් ලබා දෙන ලෙස . එහිදී දැකගන්න පුළුවන් වුණු දෙයක් තමයි මහීන්ද්‍රා වාහන භාවිත කරන පිරිස වෙනුවෙන් සංවිධානය කරන Mahindra geter way තරගාවලිය. මහීන්ද්‍රා  වාහන නිවැරදිව භාවිත කරන්නේ කොහොමද, වාහනයේ ගුණාත්මක භාවය සහ ඔවුන්ට දක්ෂතාවයන් දක්වන්නත් අවස්ථාවක් එහිදී හිමි වුණා.
    ඒ අනුව මමත් මෙරට තුළ 'අයිඩියල් අභියෝගය' නමින් අලුත් වැඩසටහනක් ඉදිරිපත් කළා. එහිදී මහීන්ද්‍රා වාහන භාවිත කරන පිරිසට විවිධ තරග ඉසව්, තමන්ගේ වාහනයේ තත්වය පරීක්ෂා කරගැනීමට මෙන්ම එම ප්‍රදේශයේ ජනතාවට ඔවුන් මෙතෙක් නොවිඳි ආකාරයේ ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් සහභාගී වන සංගීත ප්‍රසංගයක අත්දැකීම නොමිලේ ලබා ගැනීමටත් අවස්ථාව සලසා දුන්නා.

    ඉදිරියේදී අපි අයිඩියල් අභියෝගය වැඩසටහන තුළට තවත් විශේෂ අංග කීපයක් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එයින් එකක් තමයි 'අයිඩියල් සෙවන'. ඒ තුළින් මූල්‍යමය ගැටලු තියෙන අයට එම ගැටලු විසඳා ගැනීමට අවස්ථාව සලසා දෙනවා. ඊට අමතරව සෞඛ්‍ය සහ අධ්‍යාපනය වර්ධනය කරන්නත් අයිඩියල් අභියෝගය තුළින් කටයුතු කරමින් පවතිනවා."

    අයිඩියල් අභියෝගය 11 අදියර ලංකාවේ තවත් සුන්දර පළාතක් කේන්ද්‍ර කරගනිමින්  ඉතාම නුදුරේදීම පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව  අයිඩියල් මෝටර්ස් සමාගම අපි ඉතා සතුටින් මතක් කරන්නෙමු . 

    Video Story

    Stock Market

    Exchange Rates