CIMA සහ CA ශ්‍රී ලංකා ආයතන එකගතා ගිවිසුමකට අත්සන් තබයි

    September, 21, 2016

    ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන් සහ එම සිසුන් අතර CIMA ප්‍රචලිත කිරීමේ පරමාර්ථය පෙරදැරිව, ශ්‍රී ලංකාවේ ප්‍රමඛ පෙලේ ගිණුම්කරණ ආයතන දෙකක් වන කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය (CIMA) සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) පසුගිය දා ඉතා වැදගත් එකගතා ගිවිසුමකට අත්සන් තබන ලදී.

    මෙම ගිවිසුමේ ඛණ්ඩයකට අනුව වරලත් ගණකාධිකාරීවරුන්ට, CIMA සහ එහි හවුල් ව්‍යාපාර සහකරු වන American Institute of CPAs (AICPA) මගින් හදුන්වා දී ඇති, කළමනාකරණ ගණකාධිකාරීවරුන්ට භාවිතා කල හැකි ගෝලිය තනතුරු නාමය වන CGMA (Chartered Global Management Accountant) (වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී) තනතුරු නාමය ලබා ගැනීමට අවස්ථාව සැලසේ. ඒ අනුව CIMA සාමාජිකත්වය ලැබීමට අවශ්‍ය වන අවම ප්‍රායෝගික පුහුණු අවශ්‍යතා සපුරා ඇති සහ වසර පහක වෘත්තීමය පළපුරුද්ද ඇති වරලත් ගණකාධිකාරීන්ට, CIMA හි උපාය මාර්ගික සිද්ධි අධ්‍යයන පරීක්ෂණය සම්පූර්ණ කිරීමෙන් පසු CGMA තනතුරු නාමය භාවිතා කිරීමට අවකාශ ලැඛෙනු ඇත. එසේම මෙමගින් වසර පහකට අඩු වෘත්තීමය පළපුරුද්ද ඇති වරලත් ගණකාධිකාරීවරුන්ටද උපාය මාර්ගික අදියරේ (Strategic level) P3 ඇගයුම සාර්ථකව නිම කිරීමෙන් පසුව සහ සිද්ධි අධ්‍යයන පරීක්ෂණය සමත් වීමෙන් අනතුරුව CGMA තනතුරු නාමය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ සියළු දැණුම් කුසලතා සහ ඇගයීම් පරීක්ෂණ සමත් සිසුන්ට ද CIMA උපාය මාර්ගික අදියරේ අවසන් ඇගයීම් හතර සමත් වීමෙන් සහ අවම වශයෙන් වසර පහක වෘත්තිය පුහුණුව ලබා ගැනීමෙන් අනතුරුව CGMA තනතුරු නාමය ලබා ගැනීමට හැකි වේ.

    මෙයට අමතරව මෙම එකගතා ගිවිසුම මගින් ගෝලීය කළමනාකරණ ගිණුම්කරණ මූලධර්ම අනුමත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ඇති අතර CIMA සහ CA ශ්‍රී ලංකා ආයතනය එකමුතුව එම මූලධර්ම ප්‍රතිග්‍රණය කරලීමට අවශ්‍ය ජාතික සැලැස්මක් සැකසීමට ක්‍රියා කරනු ඇත. එසේම මෙම ආයතන දෙක අන්‍යෝන්‍ය එකගතාවය ඇතිව තම තාක්ෂණික න්‍යායයන් සහ ව්‍යාපෘති හදුනාගනිමින් එයට සහාය දැක්වීමටත් ඒකාබද්ධ වාර්තාකරණයක් එළි දැක්වීමටත් කටයුතු කරනු ඇත.

    මෙම ගිවිසුම පිළිබද අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන් ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියේ සිය ආයතනයේ සහ සාමාජිකයන්ගේ නිරන්තර අභිවෘද්ධිය සදහා දේශිය මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමද අත්‍යවශ්‍ය වන බවයි. තව දුරටත් අදහස් දැක් වූ ඔහු “අපි නිරතුරුව උත්සාහ කරන්නේ අප සාමාජිකයන්ගේ වෘත්තීය ස්ථාවරත්වය වර්ධනය කිරීම සදහා විශිෂ්ට ආයතන හා ඒකාබද්ධ වීමටයි. CIMA සමග ඇති කරගත් මෙම එකගතා ගිවිසුම එම උත්සාහයේ ඵලයක් ලෙස දැක්විය හැකි වනවා. දේශයේ ගිණුම්කරණ ක්ශේත්‍රයේ නිරත වෘත්තිකයන්ගේ ස්ථාවරත්වය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමඛ පෙලේ ගිණුම්කරණ ආයතන දෙකක් එක්වූ මෙම අවස්ථාව ඓතිහාසික අවස්ථාවක් ලෙස සදහන් කිරීමට හැකි වනවා. අද අප සාමාජිකයන් සාම්ප්‍රයික ලෙස අංක හා බැදුණු තනතුරු අතරට පමණක් කොටු නොවී ආයතනයන්හි සභාපති, හවුල්කරුවන්, කළමනාකාර අධ්‍යක්ෂක, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මුල්‍ය නිලධාරී යන තනතුරු හෙබවීමට තරම් වූ ප්‍රගතියක් අත් කර ගෙන තිඛෙනවා. අද්වීතීය ගිණුම්කරණ ප්‍රජාවක් ලෙස පිළිගෙන ඇති අප සාමාජිකයන්ට ඔවුන්ගේ අසම සම වෘත්තිය කුසලතා හා නිපුණතා උපයෝගී කර ගනිමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර ආයතනයන්ට නායකත්වය දෙමින් තම තත්වය තව දුරටත් වැඩි දියුණු කර ගැනීමට CIMA සමග ඇති කරගත් මෙම එකගතා ගිවිසුම මග පාදා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා“ යි ඔහු පවසා සිටියේය.

    CIMA ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂක වෙන්කට් රාමනන් මහතා මෙම එකගතාව පිළිබද සිය අදහස් දක්වමින් “දේශීය ගිණුම්කරණ ක්ශේත්‍රයේ උන්නතිය උදෙසා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය හා එක්ව කටයුතු කිරීමට හැකි වීමට ලැබීම පිළිබදවත් එම ආයතනයේ සාමාජිකයන්ට සහ සිසුන්ට CGMA තනතුරු නාමය ලබා ගැනීමට අද්වීතීය කඩිනම් මගක් සලසා දීමට හැකිවීම පිළිබදවත් CIMA ඛෙහෙවින් සතුටට පත් වනවා. CGMA තනතුරු නාම ලාභින් වැදගත් තීරණ ගැනීමට මග පෙන්වීමට සහ ශක්තිමත් ලෙස ව්‍යාපාර කාර්යසාධනයේ යෙදීමට හැකියාව ඇති පිරිසක් ලෙස ලොව පුරා සේවා යෝජකයන්ගේ විශ්වාසය දිනා සිටිනවා. එසේම ගෝලීය කළමනාකරණ ගිණුම්කරණ මූලධර්ම ප්‍රතිග්‍රණය කරලීමට අවශ්‍ය ජාතික සැලැස්මක් සැකසීමට CA ශ්‍රී ලංකා ආයතනය හා එක් වීමට ලැබීම අප ලද ගෞරවයක් ලෙස සලකනවා. බ්‍රිතාන්‍ය ප්‍රමිති ආයතනය මගින් ගෝලීය ප්‍රමිතියක් ලෙස PAS 1919:2016 යනුවෙන් ප්‍රකාශිත මෙම මූලධර්ම සාර්ථක සහ තිරසාර ව්‍යාපාර සදහා වටිනාකම් නිර්මාණය කිරීමේදී සහ ඵලදායී තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී පදනම් කර ගත හැකි වනවා“ යි ප්‍රකාශ කර සිටියේය.