June, 11, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර පාන සැපැයුම් සේවා සමාගමක් වන Russel’s සමාගම 2026 මැයි මාසය තුළ සිය රාජකාරි ඉතා ඉහළ මට්ටමින් ඉටු කරමින් සමාගමේ සාර්ථකත්වයට දායක වූ විශිෂ්ට සේවකයන් ඇගැයීමට ලක් කළේය. සමාගමේ මාසික සේවක ඇගැයීම් වැඩසටහන යටතේ වෘත්තීයභාවය, කැපවීම, කණ්ඩායම් හැඟීම සහ වගකීම් සහගත සේවාව තුළින් පාරිභෝගික තෘප්තිය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වූ සේවකයෝ මෙලෙස ඇගැයීමට ලක් කරන ලදහ. මෙහිදී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය විශිෂ්ටම Stewardess ලෙස සම්මානයට පාත්‍ර වූ අතර කේ.පී. ප්‍රියන්ත මහතා වඩාත්ම කැප වීමෙන් සේවය කළ සේවකයා ලෙස ඇගැයීමට ලක් විය. සිය කාර්යභාරය ඉතා ඉහළ මට්ටමින් ඉටු කරමින් ආයතනයට කැපී පෙනෙන දායකත්වයක් සැපැයීම වෙනුවෙන් අමිලා නිලංගනී මහත්මිය Employee of the Month ලෙස නම් කරන ලදී. ආහාර පාන සැපැයුම් සේවා ක්ෂේත්‍රයේ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාමට දැක්වූ දායකත්වය වෙනුවෙන් එස්.ඒ.ඩී.ඩී. සුදර්ශනී මහත්මිය විශිෂ්ටම Catering Stewardess ලෙසත්, වෘත්තීයභාවය සහ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් රෂේන් ඉමාර මහතා විශිෂ්ටම Steward ලෙසත් සම්මාන ලබා ගත්හ.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Russel’s සමාගමේ කළමනාකාරිත්වය සඳහන් කළේ සේවක ඇගැයීම සමාගමේ සංස්කෘතියේ වැදගත් අංගයක් වන බවත් එය සේවකයන්ගේ උද්යෝගය වර්ධනය කිරීම, කණ්ඩායම් හැඟීම ශක්තිමත් කිරීම සහ වෘත්තීයභාවය තව දුරටත් ඉහළ නැංවීම සඳහා මහත් පිටිවහලක් වන බවත්ය. ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරන සේවකයන් හඳුනා ගෙන ඇගැයීම තුළින් සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ශක්තිමත් වන බවත්, Russel’s සමාගම ශ්‍රී ලංකාවේ ආහාර පාන සැපැයුම් සේවා ක්ෂේත්‍රයේ පවත්වා ගෙන යන උසස් සේවා ප්‍රමිති තව දුරටත් තහවුරු වන බවත් ඔවුහු සඳහන් කළහ. සිය සේවකන්ගේ වෘත්තීය සංවර්ධනය සහ ඔවුන් ඇගැයීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරන Russel’s සමාගම පාරිභෝගික අත්දැකීම් වැඩි දියුණු කිරීම, මෙහෙයුම් විශිෂ්ටත්වය තහවුරු කිරීම සිය ප්‍රමුඛ අරමුණු ලෙස සළකයි.
Video Story