June, 23, 2026
මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සිදුකිරීමේ අරමුණින්, ඩිජිටල් තාක්ෂණයේ ප්රමුඛයෙකු වන හෙළකුරු සහ දශක ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනූ ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය එක්ව හඳුන්වා දුන් ‘HelaGo’ දේශීය ටැක්සි සේවාව, සිය ගමන්මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කිලෝමීටර් මිලියනයක ගමන් සේවා සැපයීමේ කඩයිම පසුකිරීමට සමත්ව තිබේ.
2026 ජනවාරි මස 06 වන දින නිල වශයෙන් සිය සේවාවන් ආරම්භ කළ HelaGo, මාස 5ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ මෙරට මගී ජනතාවගේ මෙන්ම රියදුරන්ගේද දැඩි විශ්වාසය දිනාගනිමින් මෙම ජයග්‍රහණය අත්කරගෙන තිබීම විශේෂත්වයකි. ආරම්භක අදියරේදී බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ HelaGo වෙත මේ වන විට 80,000 කට අධික රියදුරන් සංඛ්‍යාවක් සහ විශාල මගීන් පිරිසක් එක්ව සිටියි.
වත්මන් ටැක්සි සේවාවන් තුළ රියදුරන් සහ මගීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය සහ එමගින් ලැබෙන සාධාරණත්වය පිළිබඳ ගැටලුවයි. මෙයට සාර්ථක සහ විප්ලවීය විසඳුමක් ලබාදීමට HelaGo සමත්වී ඇත. එහිදී සාම්ප්‍රදායික ලෙස මධ්‍යගතව පාලනය වන මිල ක්‍රමවේදයට අමතරව, රියදුරු සහ මගී ද්විපාර්ශ්වික එකඟතාව මත මිල තීරණය වන නවතම ක්‍රමවේදයක්ද HelaGo හඳුන්වා දී තිබේ.
මේ යටතේ මගියෙකු ගමන් අවශ්‍යතාවක් යොමු කළ විට, ඒ අවට සිටින රියදුරන් කිහිප දෙනෙකුට තමන්ට එම ගමන යා හැකි සාධාරණ මිල ගණන් ඉදිරිපත් කළ හැකිය. එවිට මගියාට තමන්ට ලැබුණු මිල ගණන්, රියදුරන්ගේ ඇගයීම් (Rating) සහ වාහන වර්ගය වැනි තොරතුරු සසඳා බලා, තමන්ට වඩාත්ම ගැලපෙන සහ සාධාරණ වාහනය තෝරා ගැනීමට පූර්ණ නිදහස හිමිවේ.
මීට අමතරව, හදිසි ගමන් අවශ්‍යතා සහිත මගීන්ට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ටැක්සි රථයක් වෙන් කරවා ගැනීම සඳහා නවීනතම ‘Auto Booking’ පහසුකමද HelaGo වෙත ඇතුළත් කර ඇති අතර මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉහළම ප්‍රමිතියෙන් යුතු තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ද HelaGo සේවාව සතු වේ.
දේශීය අනන්‍යතාව රැකගනිමින්, ජනතාවට සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රවාහන සේවාවක් සැපයීම අරමුණු කරගත් HelaGo සේවාව, නුදුරු අනාගතයේදීම දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙතද ව්‍යාප්ත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් සිටියි.
Video Story