September, 26, 2016
රුපියල් මිලියන 43,000 ක වටිනාකමකින් යුතු රාජ්‍ය සුරැකුම්පත් මෙම සතිය තුළ දී වෙන්දේසිගත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියා සිටී.
මෙහිදී 2016 සැප්තැම්බර් 28 දින රුපියල් මිලියන 21,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා යොමු කිරීමට නියමිත අතර සැප්තැම්බර් 29 දින රුපියල් මිලියන 22,000 ක වනොකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
රාජණ ණය දෙපාර්තමේන්තුව මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මඟින් පමණක් මේ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකි අතර පවතින වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණයන් පිළිගනු ලැබිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.