ආයෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද හුලංගමුව

    June, 30, 2026

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කරනු ලැබ තිබේ.

    එහි සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීහු පත් කර ඇත.

    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ එම මහත්ම මහත්මීන් වෙත භාරදෙන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates